සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 965

නුරුස්සනවා

ක්‍රි. නොකැමති වෙනවා; නොකැමැත්ත දක්වනවා; රුචි නොවෙනවා; නොරිසි වෙනවා; නුරුස්සනවා.

නුලඹ

වි. එල්බෙන්නා වූ; ලම්බමාන වූ.

නුලස්

ක්‍රි.වි. ප්‍රමාද නොවී; අනලස්ව.

නුලෙළු

වි. චංචල වූ; සෙලවන ලද; ලෙල දුන්.

නුවණ

නා. ඥානය; නැණ.

නුවණ පෙරුම්

නා.ප්‍ර. ප්‍රඥා පාරමිතාව; බුදුබව ලබන්නට පිරිය යුතු දස පෙරුම්දම් අතරින් සිවුවැන්න.

නුවණක්කාරකම

නා. ඥානවන්තකම; නුවණින් කටයුතු කරන බව.

නුවණදත්

නා.ප්‍ර. වයස අවුරුදු 18- 25 අතර හෝ ඊටත් පසු ව මෝදු වන දත් සතර.

නුවණැත්තා

නා. ඥානවන්තයා; නුවණින් යුත් තැනැත්තා; නැණැතියා.

නුවණැති

[නුවණ + ඇති]
වි. නුවණ යුතු; ඥානවන්ත; නැණැති.

නුවණැස

[නුවණ + ඇස]
නා.ප්‍ර. නුවණ නැමැති ඇස; ප්‍රඥා චක්ෂුස.

නුවන

නා. නයන; ඇස; නුවන; නෙත; නේත්‍රය.

නුවනග

[නුවන් + අග]
නා. නෙත් කොන; ඇස් කෙළවර.

නුවනඹ

[නුවන් + අඹ]
නා.ප්‍ර. ඇසින් ගලන දිය; කඳුළු; අශ්‍රැධාරා.

නුවනවිය

[නුවන් + අවිය]
1. නා. ඇස නමැති ආයුධය; නේත්‍රායුධය.
2. නා. ඇස ආයුධයක් කොටගත් ඇත්තා; ඊශ්වරයා.

නුවන් ගහ

නා. නඟුලේ කඳ; නඟුල් කඳ.

නුවන්තුන

නා. නෙත් තුනක් ඇති දෙවියා; ඊශ්වර.

නුවන්තුන්ලිය

නා. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; උමා දෙවඟන.

නුවන්පිය

නා.ප්‍ර. ඇසිපිය; නෙත්පිය.

නුවන්බර

නා.ප්‍ර. නෙත් දොළසක් ඇත්තා; කඳ කුමරු; ස්කන්ධ දෙවි.

නුවන්රස

නා.ප්‍ර. ඇස පිනවන දේ.

නුවන්සහස්

නා.ප්‍ර. ඇස් දහසක් ඇත්තා; සක්දෙවි.

නුවන්සැල

නා.ප්‍ර. ශක්‍ර දේවේන්ද්‍රයා; සක්දෙවිඳු.

නුවරදොර

නා.ප්‍ර. නගරයට පිවිසෙන දොරටුව; නගර ද්වාරය.