සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 966
නුවරවඩු
නා.ප්‍ර. නගර නිර්මාණ ශිල්පියා.
නුවළනවා
ක්‍රි. කළකිරෙනවා; උකටලී වෙනවා.
නුවාව
නා. සිවුරෙහි වාටිය.
නුසර
නා.ප්‍ර. සිහිය; සැමරුම; ස්මරණය.
නුසුදුසු
වි. සුදුසු නොවූ; අයෝග්‍ය; නිසි නොවූ.
නුසුන්
1. වි. සුන් නොවූ; නොසිඳුණු; අවිච්ඡින්න.
2. වි. සිස් නොවූ; ශුන්‍ය නොවූ.
නුසුව
නා.ප්‍ර. සුවයක් නැතිවීම; රෝගය; අසනීපය.
නුහුගුණය
නා. ඔල්මාදය; මානසික විකෘතිතාව.
නුහුණු
වි. නොහැකි වූ; නුපුළුවන් වූ.
නුහුරු
වි. හුරු නොවූ; හුරු නැති; නුපුරුදු.
නුහුරු පාහිනවා
ක්‍රි. කුරුඳු පඳුරු නැවත සුද්ධ කරනවා.
නුහුරු බඳිනවා
ක්‍රි. පසු පස්සෙන් එළවා යනවා; ලුහුබඳිනවා.
නුහුස්
නුහුසු
නා.ප්‍ර. ගෝනුස්සා.
වි. උචිත නොවූ; යෝග්‍ය නොවූ.
නුහුසුරැස
නා.ප්‍ර. (ජ්‍යෝති.) රාශි දොළසෙන් අටවැන්න; වෘශ්චික රාශිය.
නූගත්
වි. ඉගෙනීමක් නැති; උගත්කමක් නොලැබූ.
නූතන
වි. නවීන; අලුත්; අභිනව.
නූතන යුගය
නා. මෑත කාල පරිච්ජේදය; වර්තමාන කාලය.
නූන
නූපුර
නා.ප්‍ර. පාදාභරණ විශේෂයක්; පාදාංගය.
නූර්ති
නා.ප්‍ර. සිංහල සංගීත නාට්‍ය විශේෂයක්.
නූරාව
නා. (කථා.) මහා වැස්ස; අනෝරා වැස්ස; ඉවරයක් නැති වර්ෂාව.
නූල
1. නා. කපු, සේද, පට, කෘත්‍රිම කෙඳි ආදිය අඹරා සාදාගන්නා යොත; හුය; සුත්‍රය.
2. නා. වඩුවැඩ ආදිය කරන්නන්ගේ මිණුම් ක්‍රමයක්; අඟලෙන් අටෙන් පංගුව.
නූල් කටිනවා
ක්‍රි. කපු පුළුන් නූල්බවට පෙරළනවා.