සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 967
නූල් කලඹ
(පාරිභා.) නා. සම්මත ප්‍රමාණයකට එක් කොට බැඳුණු නූල් පොදිය.
නූල් කැටය
නා. නූල් බෝලය.
නූල් කැටීම
නා. රෙදි විවීම හා මැසීම සඳහා අවශ්‍ය පරිදි කපුවලින් නූල් සාදා ගැනීම.
නූල් කැරැල්ල
නා. අවුල් නොවන සේ වළල්ලක් ආකාරයෙන් සකස් කරන නූල් වෙලුම.
නූල් ගහනවා
ක්‍රි. ලී ඉරීමේ දී ලකුණු යොදනවා.
නූල් බඳිනවා
ක්‍රි. පිරිත් කියවා පේකර ගැනීමෙන්, මන්ත්‍ර ජප කිරීමෙන් හෝ සකස් කළ නූල ගෙල, දකුණත, ඉණ ආදි තැන්වල බඳිනවා.
නූල් බෙරය
(පාරිභා.) නා. වියන රෙද්දේ රටාවට අනු ව නූල් සකස් ව කර ගැනුමට උපයෝගී කරගන්නා උපකරණය.
නූල් බෝලය
නා. ගෝලාකාරව නූල් එතීමෙන් සකස් කරන පන්දුව; නූල් පන්දුව.
නූල් මතුරනවා
ක්‍රි. ශාන්ති කර්මයක් සඳහා නූලක් ජප කරනවා.
නූල් සැදය
නා. රෙද්දක් විවීමට යොදා ගන්නා දික් නූල් සමූහය.
නූල්මල
නා.ප්‍ර. කපුවලින් සහ සේදවලින් සාදන නූල් කැරැල්ල.
නූල්රෝදය
නා. කරකැවීමට හැකිවන පරිදි රවුම් ලී බටයක් වැනි දෙයක ඔතන ලද නූල් පන්දුව.
නෘ
නා.ප්‍ර. නර; මනුෂ්‍ය.
නෘත්‍ය
1. නා.ප්‍ර. තාලාන්විත ව කරන නැටීම.
2. නා.ප්‍ර. රඟ දැක්වීම; නාට්‍යය; නැටුම් විශේෂයක්.
නෘත්‍ය ශාලාව
නා. නාට්යදිය රඟ දක්වන ශාලාව; නාට්‍ය ශාලාව; නැටුම් හල.
නෘත්‍යගීත
නා.ප්‍ර. නැටුම් හා ගැයුම්; රඟ දැක්වීම හා ගායනය.
නෘත්යු
නා.ප්‍ර. රඟපාන ස්ත්‍රිය; නාටිකාංගනාව; නිළිය.
නෘදේව
නා.ප්‍ර. මනුෂ්‍ය දේවයා; රජ.
නෘපස්ත්රී
නා.ප්‍ර. රාජකීය කාන්තාව; බිසොව; රාජ කුමාරිකාව.
නෘපාසනය
නා. රජු හිඳගන්නා අසුන; සිංහනාසනය.
නෘමානය
නා. කඩවසම් පෙනුම; ආරෝහ සම්පත්තිය.
නෘයුග්මය
නා. රාශි දොළහෙන් එකක්; මිථුන රාශිය.
නෘවර
නා.ප්‍ර. උතුම් පුද්ගලයා; මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨයා හෝ ප්‍රධානයා; රජ.
නෘසිංහ
1. නා.ප්‍ර. විෂ්ණුගේ දශ අවතාර වලින් එකක් වන නරසිංහ ස්වරූපය.
2. නා.ප්‍ර. සිංහයකු වැනි මනුෂ්‍යයා; නිර්භීත මිනිසා.