සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 968

නෙ

වි. අනේක; බොහෝ.

නෙක

වි. නොයෙක්; අනේක; බොහෝ.

නෙකත

නා. ඇතින්න; හස්තිනී.

නෙකතුරු

නා.ප්‍ර. නොයෙක්; අනතුරු; නානාවිධ උපද්‍රව,

නෙකරඟ

වි. නොයෙක් ආකාර.

නෙකවග

වි. නොයෙක් වර්ග.

නෙක්ඛම්ම

නා.ප්‍ර. ගිහිගෙන් නික්මීම; ගෘහවාසය හැර දැමීම; නෛෂ්ක්‍රම්‍යය.

නෙක්නෙත්

නා.ප්‍ර. අනන්ත නාගරාජයා.

නෙත

නා. දර්ශනේන්ද්‍රිය; නේත්‍රය; ඇස.

නෙතග

[නෙත් + අග]
නා.ප්‍ර. ඇස් කෙළවර; නෙත් කොන.

නෙතඳුන

[නෙත් + අඳුන]
නා. ඇසෙහි ගල්වන අඳුන; නේත්‍රාඤ්ජනය.

නෙතඳුර

[නෙත් + අඳුර]
නා. ඇස් පෙනීම අඩු වීම; ඇස් ඇඳිරිය.

නෙත් පූජාව

නා. බුදුරදුන් සිරිමා බෝරුකට කළ නේත්‍ර පූජාව; අනිමිසලෝචන පූජාව.

නෙත් සැරය

නා. ඇස නමැති ඊතලය.

නෙත්අට

නා.ප්‍ර. නෙත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.

නෙත්කලු

වි. නෙත් පිනවන; ඇසට ප්‍රිය.

නෙත්ත

නා.ප්‍ර. නෘත්‍යය; නැටීම.

නෙත්තම්

නා.ප්‍ර. ප්‍රතිමාවල නෙත් තැබීම; නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය.

නෙත්ති

1. නා.ප්‍ර. හික්මවිය යුතු ජනයා ලොවුතුරා දහමට පමුණුවන ධර්ම ශාස්ත්‍රය;බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය.
2. නා.ප්‍ර. කුඹුරුවලට ඇළ මාර්ගයෙන් ජලය සපයන්නා; දියාළුවා; උදකභාරකයා.

නෙත්ති කානුව

1. නා. කුඩා හරස් කානු හා සම්බන්ධ මහා කානුව.
2. නා. කිරි පොල් කට්ටට වැටීම සඳහා රබර් ගසේ පොත්තෙහි කපන කැපුම.

නෙත්ති ලෑල්ල

නා. පාරුවේ අද්දර ලෑල්ල.

නෙත්ති ශාස්ත්‍රය

නා. බුදු දහමෙහි අර්ථ විමසීම පිණිස නෙත්තිප්පකරණයෙහි දක්වා ඇති න්‍යාය ක්‍රමය.

නෙත්ති සන්ධි

(පාරිභා.) නා.ප්‍ර. අතුල් පතුල් ක්‍රියා කැරවිය හැකි සේ පිහිටා ඇති මැණික්කටු සන්ධි සහ වළලුකර සන්ධි; ප්‍රසර්පණ සන්ධි.

නෙත්තිප්පකරණය

නා. මහා කච්චයාන නම් රහත් හිමි නම විසින් විරචිත යයි සලකනු ලබන න්‍යාය ඇතුළත් ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයේ නාමය.