සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 969

නෙත්තිය

1. නා. අද්දර; ගැටිය; කෙළවර.
2. නා. කුඩ; පෙරමුණ; ඉදිරිය.
3. නා. නළය.

නෙත්දළ

නා.ප්‍ර. ජටාවෙහි නේත්‍රයක් ඇත්තා වන ඊශ්වර දෙවි; තිනෙත්.

නෙත්සඟළ

නා.ප්‍ර. ඇස් දෙක; දෙ ඇස.

නෙතුයුග

නා.ප්‍ර. ඇස් දෙක; දෙනෙත.

නෙදිගු

නා.ප්‍ර. නොයෙක් දිශා; විවිධ දිශා.

නෙමටෝඩාවා

නා. ක්ෂුද්‍ර පණු විශේෂයක්;පට පණුවා.

නෙමිය

1. නා. රෝදයක් වටා ඇති පට්ටම; නිම් වළල්ල.
2. නා. වෘත්තයක කවාකාර සටහන.

නෙය

වි. නුවණ මෙහෙයා දත යුතු; අවබෝධ කටයුතු; පැමිණවිය යුතු; අධ්‍යාහාර වශයෙන් ගත යුතු.

නෙය්‍ය

වි. පැමිණිය යුතු; යොමුවිය යුතු; (ආර්ය මාර්ග ඵලාධිගමය පිණිස) මෙහෙයවිය යුතු.

නෙයියාඩම

නා. විකට කෙළිනළුව; නැටුම; විගඩම; විහිළුතහළුව.

නෙර

නා. අකුලෙන් වැසුණු තැන; කැලෑව; වනය.

නෙරනවා

1. ක්‍රි. පන්නා දමනවා; එළවා දමනවා; ඉවත් කරනවා.
2. ක්‍රි. පිටතට මතු වෙනවා.

නෙරපනවා

ක්‍රි. පන්නා දමනවා; බැහැර කරනවා.

නෙරලු

නා.ප්‍ර. පොල්; මාරුක්.

නෙරවනවා

ක්‍රි. ඉදිරියට හෝ පිටතට දික්කරනවා; (ඇස් කන් ආදිය) මතු කර පෙන්වනවා.

නෙර්ත

නා.ප්‍ර. නර්තනය; නැටුම; නැටුම් කලාව.

නෙරිය

1. නා. ස්ත්‍රීන් හඳිනා වස්ත්‍රයෙහි ඉණෙන් පිටතට වැටෙන රැලි කොණ; නෙරිපට.
2. නා. පොළෝ මතු පිටට පැමිණ පෙනෙන්නට තිබෙන පාෂාණ තට්ටුවක කොටස; උද්ගතය.
3. නා. පැත්තකින් නෙරා ඇති කඳු සහිත කොටස (=spur); නෙරා ගිය යමක්.
4. නා. අනින උල; තුඩ ඇති කටුව.

නෙරෙක්කුව

නා. පීඩාව; හිරිහැරය; දුක්ගැහැට.

නෙළනවා

1. ක්‍රි. කඩනවා; සිඳිනවා; උදුරනවා.
2. ක්‍රි. ටික ටික හැඩ ගැන්වීමෙන් යමක් කපාකොටා නිර්මාණය කරනවා; මැටි ආදියෙන් අඹනවා; සාදනවා.

නෙළුම්

නා.ප්‍ර. පෙති සියයකින් යුක්ත සේ සැලසෙන අලංකාර ජලජ පුෂ්ප විශේෂය; පියුම්; පද්ම.

නෙළුඹල

[නෙළුඹු + අල]
නා.ප්‍ර. නෙළුම් ශාකයෙහි අල; නෙළුම් අලය.

නෙළුඹු දැලි

නා.ප්‍ර. නෙළුම් අලයෙන් පැළවෙන දලුව; නෙළුම් ගොබය.

නෙෆ්රයිට්ස්

නා.ප්‍ර. වකුගඩු ඉදිමීමෙන් හටගන්නා රෝගයක්.

නෙෆ්රෝසියාව

(පාරිභා.) නා. වකුගඩුවේ නාලිකා දිරායාමෙන් ඇති වන රෝගයක්; වක්ක්‍යය.