සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 97
අන්සතු
වි. වෙන කෙනෙකුට අයිති වූ; අනුන් සන්තක වූ.
අන්සීනයා
නා. හීන වූ අංශයක් ඇති තැනැත්තා; විකල් වූ අවයව ඇති තැනැත්තා.
අන්ය
වි. අන්; අනෙක්; වෙනත්.
අන්ය පදාර්ථය
නා. (ව්යාක.) සමාස කරනු ලබන පදයන්ගෙන් අන්ය වූ පදයක අර්ථය.
අන්යගතික
වි. අනුන්ගේ පිහිට පතන්නා වූ; අන්යයන් සරණ යනසුලු.
අන්යජාතික
වි. වෙන ජාතියකට අයිති; විජාතික.
අන්යතම
වි. බොහෝ දෙනකුන් අතුරෙන් යමෙක් වූ; වෙනස් වූ; එක්තරා; යම්කිසි.
අන්යතර
1. වි. දෙකින් එකක් වූ; අනිකක් වූ; අනෙක්; වෙනස් වූ.
2. වි. එක්තරා; එක්.
අන්යතරාන්යතර
වි. විවිධ; නානා; එක්තරා.
අන්යත්ර
ක්රි.වි. අනිත් තැනක; වෙන තැනක.
අන්යතීර්ථකයා
නා. අන්ය ලබ්ධිකයා; මිථ්යාදෘෂ්ටිකයා.
අන්යථා
ක්රි.වි. අන් පරිද්දකින්; වෙනස් ආකාරයෙන්.
අන්යථාභූත
වි. අන් පරිද්දෙකින් වූ; වෙනස් වූ.
අන්යදෘෂ්ටිකයා
නා. අන්යාගම්කාරයා; වෙනත් ආගමක් අදහන්නා.
අන්යප්රවර්තනීය
වි. අනෙකකු විසින් පැවැත්විය හැකි.
අන්යපුරුෂය
නා. (ව්යාක.) අන්ය ශබ්දකාරකය හෙවත් ප්රථම පුරුෂය.
අන්යපුෂ්ට
වි. අනෙකකු විසින් පෝෂණය කළ; පරපුටු·
අන්යභවය
නා. දැනට සිටින උත්පත්තියෙන් චුත ව වෙනත් උපතක් ලැබීම.
අන්යභෘත
වි. අනෙකකු විසින් පෝෂණය කරන ලද; අන්යපුෂ්ට.
අන්යමනස්ක
වි. අන් කරුණක පිහිටු වූ සිත් ඇති; අනවධාන.
අන්යලබ්ධික
වි. අන්ය ආගමික; වෙනත් ආගමකට අයිති වූ.
අන්යවර්ග කිරීම
(පාරිභා.) නා. එක් වර්ගයක ගණනක් ඒ ජාතියේ ම වෙන වර්ගයකට පැමිණවීම. නිද. අඩි අඟල්වලට හෝ අඟල් අඩිවලට පැමිණවීම (=reduction).
අන්යවිහිතය
නා. අන් කරුණකට යොමු වූ සිත් ඇති බව; වික්ෂේපය.
අන්යශාස්තෘ
නා.ප්ර. වෙනත් ආගමක ශාස්තෘවරයා.