සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 96
අන්නෑ
නා.ප්‍ර. අණ; ආඥාව.
අන්නෑය
1. නා. න්‍යායට නොහොත් නීතියට පටහැණි වූ දෙය; අයුක්තිය; අධර්මය.
2. නා. කරදරය; හිරිහැරය.
3. නා. නිෂ්ඵල කාරණය; නිරර්ථක දෙය.
අන්නේෂක
(පාරිභා.) වි. ආහාර සොයා ඇවිදින (=foraging).
අන්බව
නා. අන්‍යාකාරය; අන්‍යභාවය.
අන්වක්ෂ
1. වි. පෙනෙන; දෘශ්‍යමාන.
2. වි. පැහැදිලි; ප්රත්යක්ෂ.
අන්වද්ධමාස
වි. අඩ මසකට වරක් සිදු වන; අඩමසක් පාසා සිදු වන.
අන්වය
1. නා.ප්‍ර. අනු ව ගිය දෙය; අනුගතිය.
2. නා.ප්‍ර. වාක්‍යයක පද අනුපිළිවෙළ; පදවල පරස්පර සම්බන්ධය.
3. නා.ප්‍ර. පරම්පරාව; වංශය.
අන්වයාගත
වි. පරම්පරාවෙන් පැවත ආ; වංශානුගත.
අන්වර්ථ
වි. අර්ථයට එකඟ වූ; අර්ථයට අනුකූල වූ.
අන්වාඛ්යාත
අන්වාදේශ
නා.ප්‍ර. (ව්‍යාක.) කියන ලද්දක් නැවත කීම; කථිතානුකථනය.
අන්වාධේය
නා.ප්‍ර. ස්ත්‍රිය විවාහයට පසු පතිකුලයෙන් ලබන දායාදය; පසු ව ලබන ධනය.
අන්වාපත්
නා.ප්‍ර. (විනය.) තුන්සිවුර සකස් කිරීමේදී රෙදි ප්‍රමාණවත් නොවන කල්හි සිවුරකට ඇල්ලීමට කැප වූ අමුතු රෙදිකඩ.
අන්වායාම
(පාරිභා.) වි. දිගට පවත්නා; දිග අතට වූ; අනුලම්බ (=longitudinal).
අන්වාස්රවණය
නා. නැවත නැවත වැගිරීම; නැවත නැවත පැවැත්ම; නොසිඳී පැවැත්ම.
අන්විත
1. වි. අනු ව ගිය; අනුකූල; ගැළපෙන; අනුරූප.
2. වි. යුක්ත; සම්පන්න; අන්තර්ගත.
අන්වීක්ෂකයා
නා. සොයා බලන්නා; පරීක්ෂා කර බලන්නා.
අන්වීක්ෂණය
1. නා. පරීක්ෂණය; ගවේෂණය.
2. (දර්ශන.) නා. ‘වහා’ ‘ඉඳුරා’ යන ගුණ සහිතව ප්‍රතිභාඥානය හා ප්රත්යක්ෂය හැඳින්වීමට ඥාන විභාගයෙහි යෙදෙන වචනයකි (=anschauung).
අන්වේෂණ ආලෝකය
(පාරිභා.) නා. දුර පිහිටි දෑ බැලීමට යොදන විදුලි එළිය (=search light).
අන්වේෂණය
නා. අනු ව සෙවීම; සොයා බැලීම; පරීක්ෂණය.
අන්වේෂ්ටා
නා. සොයා බලන්නා; පරීක්ෂකයා.
අන්වේෂී
වි. සොයන; සොයා බලන.
නා.ප්‍ර. පරීක්ෂකයා; සොයන්නා; පතන්නා.
අන්වේෂී මූලද්‍රව්‍යය
(පාරිභා.) නා. (භෞති.) විකිරණශීල මූලද්‍රව්‍යය (=tracer element).
අන්වේසනය
නා. (විනය.) අයුතු ක්‍රමවලින් සිවුපසය සෙවීම; අනෙස්න.