අන්වය

anvaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනු ව ගිය දෙය; අනුගතිය.
2. නා.ප්‍ර. වාක්‍යයක පද අනුපිළිවෙළ; පදවල පරස්පර සම්බන්ධය.
3. නා.ප්‍ර. පරම්පරාව; වංශය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අනුව යාම; පරම්පරාව; පිළිවෙළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වංශය, කුලය, පරම්පරාව, ප්‍රත්‍යය අවබෝධය, ඤාණය. සාධන සාමාන්‍යයෙන් සාධ්‍ය සාමාන්‍යයාගේ ව්‍යාප්තිය අන්වයයි තාර්කිකයෝ පවසත්. (පි. 55)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. construction
2. n. context
3. n. extraction
4. n. lineage
5. n. parentage
6. n. sequence
7. syntax

Digital Pāḷi Dictionary