බුද්ධදත්ත පාලි අකාරාදිය – 30

අන්දුක

පු. දම්වැල; සුරඞ්ගුව.

අන්දුඝර

න. සිරගෙය.

අන්දුබන්ධන

න. යදම් ආදියෙන් බැඳීම; සරඞ්ගු ගැසීම.

අන්ධ

3. අඥාන; ඇස් නැති; නො දක්නා; පු. අන්ධයා.

අන්ධක

3. ආන්ධු දේශයට අයත්; පු. මැසි වර්ගයක්.

අන්ධකරණ

3. නො පෙනීම හෝ මුලාව ඇති කරන.

අන්ධකාර

පු. අඳුර; කළුවර; නො පෙනීම.

අන්ධතම

පු. න. බාලාන්ධකාරය.

අන්ධත්තම

පු. න. දැඩි අඳුර.

අන්ධබාල

3. අඥාන වූ.

අන්ධභූත

3. අන්ධ වූ; නුවණැස් නැති.

අන්න

න. ආහාරය; බත.

අන්නද

3. ආහාර දෙන.

අන්නපාන

න. කෑම බීම.

අන්නහාර

පු. කෑම හෝ තණකොළ ගෙන යන්නා.

අන්වගූ

අනුව ගියහ.

අන්වත්ථ

3. අර්ථයට එකඟවූ.

අන්වද්ධමාසං

ක්‍රි.වි. අඩ මසක් පාසා.

අන්වය

පු. අනුව යාම; පරම්පරාව; පිළිවෙළ.

අන්වහං

ක්‍රි.වි. දිනපතා.

අන්වාගච්ඡති

(අනු+ආ+ගමු+අ) ලුහුබැඳ යයි.

අන්වාගත

3. යුක්ත වූ.

අන්වාය

පූ.ක්‍රි. පැමිණ.

අන්වායික

3. අනුව යන.