සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 62

අන්වත්ථව්‍යපදෙස

පු. අර්ථයට අනුගත වූ ව්‍යවහාරය. (පි. 54)

අන්වත්ථසඤ්ඤා

පු. අර්ථයට අනුගත වූ සංඥාව අර්ථානුගත සංඥාව අක්ඛර සඤ්ඤා ආදියයි. (පි. 54)

අන්වදෙව

අ. (අනු+එව) අනුවම, සමග, කැටිවම. (පි. 55)

අන්වධිමාස

න. (අනු+අද්ධ+මාස) අඩමසක් පාසා. (පි. 55)

අන්වය

පු. වංශය, කුලය, පරම්පරාව, ප්‍රත්‍යය අවබෝධය, ඤාණය. සාධන සාමාන්‍යයෙන් සාධ්‍ය සාමාන්‍යයාගේ ව්‍යාප්තිය අන්වයයි තාර්කිකයෝ පවසත්. (පි. 55)

අන්වහං

අ. (අනු+අහං) දවසක් පාසා, දවස ගානේ. (පි. 55)

අන්වාගච්ඡති

ක්‍රි. (අනු+ආ+ගච්ඡති) අනුව එයි. (පි. 55)

අන්වාගත

ති. (අනු+ආ+ගත) අනුව පැමිණි, කැටුව ආ. (පි. 55)

අන්වාදිසතී

ක්‍රි. (අනු+ආ+දිසති) දක්වයි. කියයි. (පි. 55)

අන්වාදෙස

පු. ආදිදැක්වූවා නැවත දැක්වීම, කථිතානුකථනය, කියනලද්ද නැවත කීම. (පි. 55)

අන්වාධික

ති. අනුව පවත්නා. අඩුවැඩි නැති. (පි. 55)

අන්වාමද්දති

ක්‍රි. (අනු+ආ+මද්දති) මඩියි, මිරිකයි. (පි. 55)

අන්වාය

අ. පැමිණ,(වුද්ධිමන්වාය=වුද්ධිං+අන්වාය, වෘද්ධියට පැමිණ) (පි. 55)

අන්වාරොහණ

න. ආරූඪ වීම, නැගීම, ආරොහණය. (පි. 55)

අන්වාරොහති

ක්‍රි. (අනු+ආ+රොහති) ආරූඪ වෙයි, නගියි. (පි. 55)

අන්වාවය

පු. අන්වාවයාර්ථය. ප්‍රධානවශයෙන් එකක් කියා අප්‍රධාන වශයෙන් අනිකක් කීම. “පුඤ්ඤඤ්ච කරොහි පුත්තදාරඤ්ච පොසෙහි” පින්කරව, පුතුන්ද රකුව යන මෙහි ච ශබ්දය අන්වාවයාර්ථයි. (පි. 55)

අන්වාවිට්ඨ

ති. (අනු+ආවිට්ඨ) ආවෙස වනු ලැබූ, අධිගෘහීත වන ලද. (පි. 55)

අන්වාවිසති

ක්‍රි. (අනු+ආවිසති) ඇතුළත් වෙයි, ආවෙශ වෙයි. (පි. 55)

අන්වාවෙස

පු. ආවෙශය. (පි. 55)

අන්වාසත්ත

ති. (අනු+ආසත්ත) අනුව ඇලුණු, ආලය කළ. (පි. 55)

අන්වාස්සවති

ක්‍රි. (අනු+ආ+සවති) වැගිරෙයි, වැක්කෙරෙයි. (පි. 55)

අන්වාහිණ්ඩති

ක්‍රි. සක්මන් කරයි, ඇවිදියි. (පි. 55)

අන්වාහිණ්ඩන

න. (අනු+ආහිණ්ඩන) අනුව හැසිරීම, ඇවිඳීම, සක්මන් කිරීම. (පි. 55)

අන්වාහිත

ති. (අනු+ආ+හිත) පිහිටුවන ලද, කරන ලද. (පි. 55)