සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 63

අන්වෙති

ක්‍රි. (අනු+එති) අනුව එයි, කැටුව එයි. (පි. 55)

අන්වෙසති

ක්‍රි. (අනු_එසති) සොයයි, බලයි. (පි. 55)

අන්වෙසනා

ඉ. සෙවීම, ගවෙසනය, බැලීම. (පි. 55)

අන්වෙසිත

ති. සොයන ලද, බලන ලද. (පි. 55)

අන්වෙසී

ති. සොයන, පරීක්ෂා කරන. (පි. 55)

අන්හ

පු. දවස, දිනය. (සායන්හ, ‘මජ්ඣන්හ, යනාදියෙහි සමාසයෙහි පරපද වූ ‘අහ’ ශබ්දයට මේ ආදේශ වේ.) (පි. 55)

අනාකිණ්ණ

ති. ආකීර්‍ණ නොවන, සමූහයා හා එකට හැනී නොපවතින. (පි. 58)

අනාකුල

ති. ආකුල නොවන, පටලැවිලි රහිත. (පි. 58)

අනාගත

පු. මතුකාලය. ති. නොපැමිණි. (පි. 58)

අනාගතද්ධ

පු. අනාගතකාලය, මතු ලැබෙන කාලය. (පි. 58)

අනාගමන

න. නොඊම, නොපැමිණීම. (පි. 58)

අනාගාමි

පු. (න+ආගාවි) අනාගාමිපුද්ගලයා, උත්පත්තිවශයෙන් කාමභවයට නොඑන ස්වභාව ඇත්තා. (පි. 58)

අනාගාමිතා

ඉ. නොඑන ගතිය, උත්පත්ති වශයෙන් කාම භවයට නොඑන බව. (පි. 58)

අනාගාමිඵල

න. එනම් ඵලය, තුන්වැනි ලොකොත්තරවිපාකසිත. (පි. 58)

අනාගාමිමග්ග

පු. අනාගාමිමාර්ගය. (පි. 58)

අනාගාර

න. ශ්‍රමණභූමීය, තාපසභූමිය, පු. ගෙයක් නැත්තා. (පි. 58)

අනාඝාත

ති. ක්‍රෝධ නැති, විෂ්කම්භන වශයෙන් ක්‍රෝධය නසන ලද. (පි. 58)

අනාචාර

ති. ආචාර රහිත, යහපත් හැසිරීම් නැති. පු. නරක හැසිරීම. (පි. 58)

අනාජානීය

ති. උත්තම නොවන, ශ්‍රේෂ්ඨ නොවූ ‘ආජානීය’ බලනු. (පි. 58)

අනාත්ම

ති. න. අත්තාති=අනත්තා. ආත්මය නොවන්නේ අනාත්ම නමි. එය තමන් වශයෙහි නොපවත්නාවූ අර්ථයෙන්ද ස්වාමියෙක් නැති අර්ථයෙන්ද ශුන්‍යතා අර්ථයෙන්ද ආත්මය ප්‍රතික්ෂෙප කරන්නාවූ අර්ථයෙන් දැයි අනාත්ම නමි. (පි. 58)

අනාථ

ති. (අ=න+නාථ) නාථ රහිත, අසරණ. (පි. 58)

අනාථපිණ්ඩික

පු. (අ=න+නාථ+පිණ්ඩ+ඉක) අනාථයින්ට දියයුතු පිඩුඇත්තා, එනම් සිටුතුමා. (පි. 58)

අනාදර

ති. ආදර රහිත. පු. පරිභවය, නොසැලකීම. (පි. 58)

අනාදරිය

ති. ආදර නැති. න. ආදරනැතිබව. (පි. 58)