සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 64

අනාදාතු

පු. නොගන්නා. (පි. 58)

අනාදාන

න. නොගැන්ම. (පි. 58)

අනාදාය

අ. නොගෙන. (පි. 58)

අනාදියන

න. නොගැනීම. (පි. 58)

අනාදියිත්වා

අ. නොගෙන, ග්‍රහණය නොකොට. (පි. 58)

අනාදීනවදස්සාවී

ති. දෝෂ නොදක්නාසුලු. (පි. 58)

අනානාකථික

පු. (න+නානා+කථා+ඉක) නන්වැදෑරුම් අනර්ථ කථා නොකරන්නා, එවැනි කථා නොකරන්නා. (පි. 59)

අනානුවජ්ජ

ති. චෝදනා නොකළ. (පි. 59)

අනාපත්ති

ති. ආපත්ති රහිත, ඇවැත් නැති. නිරව්‍ය. ඉ. නොපැමිණීම. (පි. 58)

අනාපාථග

ති. (අන්=න+ආපාථග) ආපාථයට නොපැමිණි, ඉදිරියට නොපැමිණි. (පි. 58)

අනාපාථගත

ති. ආපාථගත නොවූ. (පි. 58)

අනාපාද

ති. අවිවාහක. (පි. 58)

අනාපායික

ති. අපායෙහි නූපදින, ආපායික නොවන. (පි. 58)

අනාපුච්ඡන

න. නොවිචාරීම, නොපිළිවිසීම. (පි. 58)

අනාපුච්ඡිත

ති. නොවිචාළ, නොපිළිවිසි. (පි. 58)

අනාබාධ

ති. ආබාධරහිත, නීරොගි. (පි. 58)

අනාමට්ඨ

ති. ස්පර්‍ශනොකළ, ආමර්‍ශනය නොකළ. (පි. 58)

අනාමත

ති. නොමළ, කාලක්‍රියා නොකළ. (පි. 58)

අනාමන්තචාර

පු. දොළොස්රියනකින් සමීපයෙහි සිටින උපසපන් කෙනෙකුන්ට නොදන්වා ආරාමයෙන් බැහැර යාම, අවසර නොමැතිව හැසිරීම. (පි. 58)

අනාමන්තනා

ඉ. අනාමන්ත්‍රණය, අනාරාධනාව, නොපැවරීම. (පි. 58)

අනාමය

ති. (අන්=න+ආමය) ආමයරහිත, නීරොගි. (පි. 58)

අනාමසන

න. ස්පර්‍ශ නොකිරීම. (පි. 58)

අනාමස්ස

ති. ස්පර්‍ශ නොකටයුතු, අත නොගෑයුතු. භික්ෂූන් විසින් ඇල්වීමට අයොග්‍ය වස්තු:- එනම් දශවිධ රත්න, ස්ත්‍රීරූප, සප්තවිධ ධාන්‍ය, ස්ත්‍රීපළඳනා, පිඹිනා සක්කුලල් බෙර ආදිය හා අවශේෂ ක්‍රීඩා භාණ්ඩ, කඩු දුනු ආදිය. (පි. 59)

අනාමසික

ති. ස්පර්‍ශ නොකළ, අත නොගෑ. (පි. 59)