සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 65
අනාමාස
ති. ස්පර්ශ නොකටයුතු, අත නොගෑයුතු. භික්ෂූන් විසින් ඇල්වීමට අයොග්‍ය වස්තු:- එනම් දශවිධ රත්න, ස්ත්‍රීරූප, සප්තවිධ ධාන්‍ය, ස්ත්රීපළඳනා, පිඹිනා සක්කුලල් බෙර ආදිය හා අවශේෂ ක්‍රීඩා භාණ්ඩ, කඩු දුනු ආදිය. (පි. 59)
අනාමිකා
ඉ. නමක් නැති ඇඟිල්ල, වෙදැඟිල්ල, මුදුඇඟිල්ල. (පි. 59)
අනායතන
න. ආයතන නොවන ධර්මය. ‘ආයතන’ බලනු. (පි. 59)
අනායස
ති. සැපනොවන, නොසැප. (නත්ථි අයො සුඛන්ති=අනායසො) (පි. 59)
අනායාස
ති. හිරිහැර රහිත. පු. නොවෙහෙසීම. (පි. 59)
අනාරක්ඛා
ඉ. නොරැක්ම. (පි. 59)
අනාරම්භ
පු. පටන් නොගැන්ම, ආරම්භ නොකිරීම. (පි. 59)
අනාරාධක
ති. සතුටු නොකරන. (පි. 59)
අනාරිය
ති. ආර්‍ය්‍ය නොවන, උත්තම නොවන. (පි. 59)
අනාලම්බන
න. අරමුණු නැති, නොඑල්ලෙන, ප්‍රතිෂ්ඨාරහිත. (පි. 59)
අනාලය
ති. ආලය නැති, තෘෂ්ණා රහිත. න. නිවන. (පි. 59)
අනාලොචන
න. ඇසින් නොදැකීම. (පි. 59)
අනාවට
ති. අනාවෘත, නොවැසූ, නොවසන ලද. (පි. 59)
අනාවත්තන
න. නොනැවතීම, නොපැවතීම. (පි. 59)
අනාවත්තී
ති. පෙරළා නොඑන, ආපසු නොඑන. (පි. 59)
අනාවාස
ති. ආවාසරහිත, වාසයක් නැති. පු. නොවැසීම. (පි. 59)
අනාවිකත
ති. ප්‍රකාශ නොකළ, නොදක්වන ලද. (පි. 59)
අනාවිකම්ම
න. ප්‍රකාශ නොකිරීම. (පි. 59)
අනාවිණ්ණ
ති. පුරුදු නොකළ, ප්‍රගුණ නොකළ. (පි. 58)
අනාවිල
ති. නොකැලඹුනු, චඤ්චල නොවන මඩරහිත, කෙලෙස් රහිත. (පි. 59)
අනාවුත්ථ
ති. වාසය නොකළ, නොවිසූ (පි. 59)
අනාසක
ති. නිරාහාරව වසන. පු. ආහාර නොගන්නා තැනැත්තා. (පි. 59)
අනාසන්න
ති. ආසන්න නොවන, සමීප නොවන, න. අසමීපය. (පි. 59)
අනාසව
ති. ආශ්‍රව රහිත, කෙලෙස් නැති. න. නිවන. (පි. 59)