සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 66
අනාසවසුඛ
න. ආශ්‍රව රහිත සැපය, නිවන සැපය. (පි. 59)
අනාහට
ති. ළඟට නොපැමිණි, වෙත නොපත්. (පි. 59)
අනාහාර
පු. ආහාර නොගැන්ම. ති. ආහාර නැති. (පි. 59)
අනාළ්හික(ය)
ති. කාලකණ්ණි, පින්මද. (පි. 59)
අනික්කඩ්ඪන
න. නොකැඩීම, නොඇදීම. (පි. 59)
අනික්කසාව
ති. බැහැර නොකළ කසට ඇති, මාර්ගපරිපාටියෙන් බැහැර නොකළ කෙලෙස් ඇති. (පි. 59)
අනික්ඛිත්ත
ති. නොදමනලද, බැහැර නොකළ. (පි. 59)
අනික්ඛිත්තධුර
න. නොහරිණලද වීර්‍ය්‍යය. ති. එය ඇති. (පි. 59)
අනිකාම
ති. නොකැමැති, අරුචි. (පි. 59)
අනිකෙත
ති. කෙලෙස් රහිත, නිකෙලෙස්. (පි. 59)
අනිකෙතසාරී
ති. පලිබොධරහිත. පු. තෘෂ්ණා රහිතව හැසිරෙන්නා, බුදුරජ. (පි. 59)
අනිච්ච
ති. නිත්‍ය නොවන, සෑමකල්හි නොපවතින. (පි. 59)
අනිච්චවිධි
පු. නිත්‍ය නොවන කාර්ය්ය්ය පිළිබඳ නියමය. (පි. 59)
අනිච්චසඤ්ඤා
ඉ. සියලු සංස්කාරයන් අනිත්‍යයයි සැලකීම. (පි. 59)
අනිච්චසමාස
පු. ස්වපද විග්රහ ඇති මහාවීර ආදිය අනිත්‍ය සමාස නමි. (පි. 59)
අනිච්ඡ
ති. ආසා රහිත, තෘෂ්ණා නැති. (පි. 59)
අනිච්ඡය
ති. නිශ්චය නැති, නියම නැති, එකාන්ත නොවන. (පි. 60)
අනිච්ඡිත
ති. අභිමත නොවූ, නොකැමැති. (පි. 60)
අනිච්ඡිතකම්ම
න. කර්තෘ ක්‍රියාව හා සම්බන්ධ කිරීමට නොකැමැති කර්මය, අනීප්සිත කර්මය. (පි. 60)
අනිචින්තෙති
ක්‍රි. (අනු+චින්න √ චු. චින්තායං, සිතීමෙහි +ණෙ+ති) අනුව චින්තනය කරයි, කරුණු අනුව සිතයි. (පි. 63)
අනිඤ්ජන
ති. කම්පා නොවන, නොසෙල්වෙන. (පි. 60)
අනිඤ්ජිත
ති. කම්පානොවන, නොසෙල්වෙන ‘ඉඤ්ජිත’ බලනු. (පි. 60)
අනිට්ටගන්ධ
පු. දුර්ගන්ධය, දුගඳ. (පි. 60)
අනිට්ඨ
ති. නොනිමි, සමාප්ත නොවූ. (පි. 60)