සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 67
අනිට්ඨඞ්ගත
ති. නිමාවට නොපැමිණි, සමාප්ත නොවූ. (පි. 60)
අනිට්ඨප්පසඞ්ග
පු. අභිමත නොවූ කාර්යකගේ පැමිණීම, අනිෂ්ටප්රසඞ්ගය. (පි. 60)
අනිට්ඨිත
ති. නිම නොකළ, නොනිමි. (පි. 60)
අනිට්ඨුර
ති. ක්‍රෑර නොවන. (පි. 60)
අනිත්ථි
ඉ. ස්ත්රීගති නැති ස්ත්‍රී, ස්ත්රීස්වභාව නැත්තී.
පු. ස්ත්‍රීලිඞ්ග නොවූ නාමය, පුල්ලිඞ්ග නපුංසකලිඞ්ගද්වය. (පි. 60)
අනිත්ථිගන්ධ
පු. ස්ත්‍රීගන්‍ධය නොකැමැත්තා පු. එනම් කුමාරයා. (පි. 60)
අනිදස්සන
න. නොදැක්වියහැකි පදාර්ථය, නිවන. (පි. 60)
අනිද්දෙස
ති. නොදක්වනලද, නිර්දේශ නොකරන ලද. (පි. 60)
අනිද්ධන්ත
ති. මිඹ නොහළ, පිරිසිදු නොකළ. (පි. 60)
අනිධානගත
ති. නිදන්ගත නොවූ තැන්පත් නොවූ. (පි. 60)
අනින්දි
ක්‍රි. (අ+නින්ද √ භු. ගරහායං, ගැරහීමෙහි +ඊ) නින්දා කෙළේය, ගැරහීය. (පි. 60)
අනින්දිත
ති. (අ=න+නින්දිත) නින්දා නොකළ, නිගා නොකළ. (පි. 60)
අනිපඵන්න
ති. නූපන් නිෂ්ඵන්න නොවූ. (පි. 60)
අනිප්ඵල
ති. නිෂ්ඵල නොවන, ඵලසහිත, ප්‍රයොජනවත්. (පි. 60)
අනිබන්ධ
ක්‍රි. නොබඳනා ලද. (පි. 60)
අනිබ්බිද්ධ
ති. විනිවිද නොගිය, පසාරු කරගෙන නොගිය, දෙපළු නොකළ. (පි. 60)
අනිබ්බිද්ධා
ඉ. විනිවිද නොගිය වීථිය, හරස් වීථිය. (පි. 60)
අනිබ්බිස
ති. පව්රහිත, පීඩාරහිත, නිදුක්. (පි. 60)
අනිමිත්ත
න. විපල්ලාස හෙවත් නිත්‍යය යන වැටහීමෙන් මුදන මාර්ගය, අනිත්‍යාදිවශයෙන් විදර්ශනා කරන්නාහට උපදනා මාර්ගය ති. නිමිති රහිත. (පි. 60)
අනිමිත්තවිමොක්ඛ
පු. සංස්කාරයන් අනිමිත්තවශයෙන් හෙවත් අනිත්‍යවශයෙන් විදර්ශනා කොට ලැබගත් මාර්ගය. (පි. 60)
අනිමිස
ති. ඇසිපිය හෙලීම් රහිත, ඇසිපිය නොගසන. පු. දෙවියා, මතස්‍යයා. (පි. 60)
අනිමිසලොචන
න. ඇසිපිය නොහෙලන ඇස. (පි. 60)
අනිමිසලොචනපූජා
ඉ. ඇස්පිය නොහෙලා ගෞරවයෙන් බලා සිටිම, තථාගතයන් වහන්සේ බුදුව දෙවනසතියෙහි දී අනිමිසලොචනයෙන් කළ බොධි පූජාව. (පි. 60)
අනියත
ති. නියත නොවූ, නිශ්චයක් නැති, එකාන්ත නොවන. (පි. 60)