සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 68
අනියතද්වය
න. “න නියතො අනියතො” යන අදහස අනුව එකැතින් වන බවක් නැති හෙයින් නියන නොවේනුයි අනියත නම් වේ, ඉමෙඛොපනායස්මන්තො ද්වෙ අනියතා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති, යනුවෙන් දැක්වෙන ප්රාතිමොක්ෂයෙහි එන ඇවැත් දෙකකි. (පි. 60)
අනියතමිච්ඡාදිට්ඨි
ති. නියතමිථ්යාදෘෂ්ටි නොවන, කම්මස්සකතා සච්චානුලොමික යන ඥානද්වයෙන් කම්මස්සකතාඤාණය පමණකින් සම්යක්දෘෂ්ටි ඇති. (පි. 60)
අනියම
පු. නිශ්චිත නොවූ කාර්ය්යය. නියම නොවූ වැඩය. (පි. 60)
අනියමත්ථ
ති. නියම අර්ථයක් නැති. (පි. 60)
අනියමප්පසඞ්ග
පු. අනියමින් පැමිණීමේ කාර්ය්යය. (පි. 60)
අනියමවිධි
පු. අනියම විධිය. (පි. 60)
අනියමිත
ති. නියම නොකළ, පමණ නොකළ හැකි. (පි. 61)
අනියාමිත
ති. නියම නැති, නිශ්චය නැති, අනිශ්චිත. (පි. 61)
අනිරාකත
ති. (අ=න+නිරාකත). බැහැර නොකළ, නොවැළැක්වූ. (පි. 61)
අනිරාකතජ්ඣාන
ති. බැහැර නොකළ ධ්යාන ඇති. (පි. 61)
අනිරාකත්තු
පු. කර්තෘහු විසින් දෙනුලබන දෙය ප්රතික්ෂෙප නොකරන්නා, සම්ප්රදාන විභක්තිය. (පි. 61)
අනිල
පු. වාතය, සුළඟ. (පි. 61)
අනිලඤ්ජස
න. (අනිල+අඤ්ජස) වාතමාර්ගය, අහස. (පි. 61)
අනිලපථ
පු. වාතමාර්ගය, අහස. (පි. 61)
අනිලොද්ධුත
ති. (අනිල+උ+ධුත) වාතයෙන් ඔසවන ලද, පවනින් කම්පිත, සුළඟින් සෙලවෙන. (පි. 61)
අනිවත්තන
ති. නොනවත්නා, නොපවතින. (පි. 61)
අනිවත්ති
ති. නොනවතින, එකතැනක නැවතී නොසිටින. (පි. 61)
අනිසම්මකාරී
ති. (අ=න+නි+සම්මකාරී) අපරීක්ෂාකාරී, අපරීක්ෂාවෙන් ක්රියා කරන. (පි. 61)
අනිස්සට්ඨ
ති. බැහැර නොකළ තුබූ තැනින් වෙනස් නොකළ ඇස. (පි. 61)
අනිස්සය
ති. නිරාශ්රය, පිහිට නැති, ආධාර රහිත. (පි. 61)
අනිස්සර
ති. ප්රධානයෙක් නැති, ඊශ්වර රහිත. (පි. 61)
අනිස්සරණපඤ්ඤ
ති. ඡන්දරාගය ප්රහීණ කරන ප්රඥා නැති. (පි. 61)
අනිස්සිත
ති. ආශ්රය නොකළ, සේවනය නොකළ. (පි. 61)
අනිස්සුකී
පු. ඊර්ෂ්යා නොකරන්නා. ‘ඉස්සුකී’ බලනු. (පි. 61)