සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 69

අනීක

න. යුද්ධසෙනාව, භටහමුදාව. (පි. 61)

අනීකග්ග

පු. යුද්ධසෙනාවගේ පෙරමුණ, යුද්ධයෙහි ඉදිරියෙහි යන්නා. (පි. 61)

අනීකට්ඨ

පු. රජුන්ගේ ශරීරාරක්ෂකහමුදාව. (පි. 61)

අනීකදස්සන

ති. බලසෙන් දැක්ම. (පි. 61)

අනීඝ

ති. දුක් නැති, පව් නැති. (පි. 61)

අනීති

ති. (අන්=න+ඊති) උවදුරු නැති, විපත් නැති. (පි. 61)

අනීතික

ති. ගෙලෙස්බිය නැති, නිරුපද්‍රැත. න. නිවන. (පි. 61)

අනීලක

ති. මැස්සන් නැති. (පි. 61)

අනු

අ. පශ්චාද්ර්ත්ථ, අතිශය, සදෘශත්ව. අනුපච්ඡින්න, අනුවෘත්ති, හීන, ද්විතියාර්ත්ථ, අධොභාව, අනුගතාර්ත්ථ, හිතාර්ත්ථ, දෙශ, ලක්ෂණ, වීප්සා, ඉත්ථම්භුත, භාග යන මෙහි. (පි. 61)

අනුක

පු. කාමියා. (පි. 61)

අනුකඞ්ඛී

පු. සැක කරන්නා. (පි. 61)

අනුකඩ්ඪන

න. සූත්‍රයකින් සූත්‍රයකට අනුවර්‍තනය වූ පදයක් මතු අනුවර්‍තනය නොවන පරිදි ආපසු ගැනීම අනුකර්ෂණය. (පි. 61)

අනුකන්තති

ක්‍රි. (අනු+කති. √ රු. ඡෙදෙ, සිඳීමෙහි +ති) කැබලි කරයි, තීරු කරයි. (පි. 61)

අනුකම්පක

ති. (අනු+කම්ප √ භු. කම්පනෙ. කම්පාවීමෙහි +ණුවු=අක) අන්‍යයා කෙරෙහි අනුකම්පා කරන, දයාව පෙන්වන, කරුණා ඇති. (පි. 61)

අනුකම්පති

ක්‍රි. අනුකම්පා කෙරෙයි, දයා කෙරෙයි. (පි. 61)

අනුකම්පන

න. අනුකම්පාව, දයාව, කරුණා කිරීම. (පි. 61)

අනුකම්පා

ඉ. කරුණාව, දයාව. (පි. 61)

අනුකම්පිත

ති. අනුකම්පා කළ, කරුණා කළ. (පි. 61)

අනුකම්පී

ති. අනුකම්පා ඇති, දයා ඇති. (පි. 61)

අනුකරණ

න. අනුව කිරීම, එකඟව කිරීම, යමක් සමානව කිරීම. ‘චිටි’ ‘චිටි’ යනාදි ශබ්දමාත්‍රයක් කිරීම. (පි. 61)

අනුකරණසද්ද

පු. අර්ථ විරහිත ශබ්දමාත්‍රය. ‘චිටි’ ‘චිටි’ යනාදිය, අර්ථය නොසලකා ගතයුතු ශබ්දමාත්‍රය. (පි. 62)

අනුකරොති

ක්‍රි. (අනු+කර √ ත. කරණෙ, කිරීමෙහි. විකරණ ඔ+ති) අනුව කරයි, එකඟව කරයි. (පි. 62)

අනුකස්සති

ක්‍රි. (අනු+කස්ස. √ භු. ගතියං, යාමෙයි+ති) ආපදු අදියි. පස්සට අදියි. (පි. 62)

අනුක්කණ්ඨන

න. උකටළී නොවීම, ‍නොකලකිරීම. (පි. 61)