සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 70
අනුක්කම
පු. අනුක්රමය, පිළිවෙළ, පටිපාටිය. (පි. 61)
අනුක්කමති
ක්රි. (අනු+කමු. √ භු. පද-වික්ඛෙපෙ, යාමෙහි +ති) පිළිවෙළින් යයි. ඉක්මවයි. (පි. 61)
අනුක්ඛිපන
න. උත්ක්ෂෙප නොකිරීම, නොඑසවීම. (පි. 61)
අනුකාම
පු. ආදරයට ආදරය දැක්වීම. (පි. 62)
අනුකාර
පු. ප්රත්යුපකාරය. අනුකරණය. ස්වර්ථක්රියාව. (පි. 62)
අනුකාරී
ති. අනුව ක්රියා කරන. (පි. 62)
අනුකිණ්ණ
ති. ආකීර්ණ, ගැවසීගත්. (පි. 62)
අනුකුබ්බති
ක්රි. (අනු+කර. √ ත. කරණෙ, කිරීමෙහි. රකාර අ=උ. ර් ලොප. විකරණ- ඔ=උ=ව්. ව්=හට ද්විත්ත-ව්ව+බ්බ+ති) අනුව කරයි. (පි. 62)
අනුකුල්ර
ති. එකඟ, යමෙකුගේ ක්රියාවට එකඟ වන. (පි. 62)
අනුඛනති
ක්රි. (අනු+ඛන. √ භු. අවදාරණෙ, සෑරීමෙහි +ති) අනුව සාරයි. (පි. 62)
අනුඛනන
න. අනුව සෑරීම, කැනීම. (පි. 62)
අනුඛුද්දක
ති. අනුක්ෂුද්රක. ඉතා කුඩා. “ඛුද්දානුඛුද්දකසික්ඛා.” (පි. 62)
අනුග
ති. අනුගමනය කරන, අනුව යන, සහචර. (පි. 62)
අනුගඝාත
පු. (අන්=න+උ+ඝාත) නොසෙල් වියහැකි, නොඉදිරියහැකි. (පි. 62)
අනුගච්ඡති
ක්රි. (අනු+ගමු. √ භු. ගතියං, යාමෙහි +ච්ඡ+ති) අනුව යෙයි, කැටුව යෙයි, එක්ව යෙයි. (පි. 62)
අනුගණ්හාති
ක්රි. (අනු+ගහ+ණ්හා+ති) අනුග්රහ කරයි. (පි. 62)
අනුගත
ති. අනුගතාර්ථ, අනුකූල, අනුව ගිය, අනුව උපන්. (පි. 62)
අනුගති
ඉ. අනුව යාම, අනුකූලගතිය. (පි. 62)
අනුගම
පු. අනුව යාම, කැටුව යාම, ගියවුන් අනුව යාම, පසුපස්සේ යාම, සහාය වීම, එළඹීම. (පි. 62)
අනුගමන
න. අනුව යාම, කැටුව යාම, ගියවුන් අනුව යාම, පසුපස්සේ යාම, සහාය වීම, එළඹීම. (පි. 62)
අනුග්ගහ
පු. (අනු_ගහ) අනුග්රහය, උදව් කිරීම. (පි. 62)
අනුග්ගහණ
න. අනුග්රහ කිරීම, උදව් කිරීම. (පි. 62)
අනුග්ගහබුද්ධි
ඉ. අනුග්රහ කිරීම පිණිස පවත්නා අදහස, අනුග්රහ බුද්ධිය. (පි. 62)
අනුග්ගහිත
ති. අනුග්රහ කළ. (පි. 62)