සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 71
අනුග්ගාහක
ති. අනුග්රහ කරන, උදව් කරන. (පි. 62)
අනුගාමික
ති. අනුව යන්නා, අනුව යන පින, අනුගච්ඡතීති අනුගාමිකො. (පි. 62)
අනුගාමිකනිධාන
න. කැටුව යන නිධානය, කුශලක්රියාව. (පි. 62)
අනුගාමිනී
ඉ. අනුව යන්නී. (පි. 62)
අනුගාමී
ති. කැටුව යන, අනුව යන. (පි. 62)
අනුගායති
ක්රි. (අනු+ගායති) අනුව ගායනා කරයි, ගායනා කළ පරිදි ගායනා කරයි. (පි. 62)
අනුගායන
න. අනුව ගායනා කිරීම. (පි. 62)
අනුගාහති
ක්රි. (අනු+ගාහ. √ භු. විලොළනෙ, කැලඹීමෙහි +ති) දියට බැසගනී. ඇතුළත් වෙයි. (පි. 62)
අනුගිජ්ඣති
ක්රි. (අනු+ගිධු √ දි. අභික්ඛායං, ගිජු වීමෙහි +ති) ගිජු වෙයි, ලොල් වෙයි, කෑදර වෙයි. (පි. 62)
අනුගිජ්ඣන
න. ගිජු වීම, ලොල් වීම. (පි. 62)
අනුගිද්ධ
ති. ගිජු වූ, ලොල් වූ, සොඬ වූ. (පි. 62)
අනුගීති
ඉ. අනුව ගැයීම, පදයෙන් කීවක් ගාථාවෙන් කීම. (පි. 62)
අනුඝර
න. ගෙයක් පාසා, ගෙපිළිවෙළ. (පි. 62)
අනුචඞ්කමති
ක්රි. අනුව සක්මන් කෙරේ, කෙණ්ඩාවල ආබාධ වළකනු පිණිස ඔබමොබ සක්මන් කරයි. (පි. 63)
අනුචඞ්කමන
න. අනුචඞ්ක්රමණය, අනුව සක්මන් කිරීම. (පි. 63)
අනුචර
ති. අනුවරයා, අනුව හැසිරෙන්නා, පසුපස්සේ යන්නා. (පි. 63)
අනුචරණ
න. අනුසඤ්චරණය, අනුව හැසිරීම. (පි. 63)
අනුචරති
ක්රි. (අනු+චරති) හැසිරේ, එක්ව හැසිරේ. (පි. 63)
අනුචරිත
ති. හැසිරෙණලද, න. නැවත නැවත හැසිරීම. (පි. 63)
අනුච්චාරණ
න. (අන්=න+උච්චාරණ) උච්චාරණය නොකිරීම, නොකීම, නොඋසුරුවීම. (පි. 62)
අනුච්චාරිත
ති. උච්චාරණය නොකළ, නොකී, නොඋසුරුවනලද. (පි. 62)
අනුච්චාවච
න. (අන්=න+උච්චාවච) උස් පහත් නොවන, හීන ප්රණීත නොවන.
“අනුච්චාවචසීලස්ස නිපකස්ස ච ඣායිනො.” (පි. 62)
අනුච්ඡවික
ති. සුදුසු, යුතු, යොග්ය (පි. 62)
අනුච්ඡවිය
ති. සුදුසු, යුතු, යොග්ය (පි. 62)