සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 72

අනුච්ඡිට්ඨ

ති. (අන්=න+උච්ඡිට්ඨ) ඉඳුල් නොකළ, පරිභොගයෙන් ඉඳුල් නොවූ. (පි. 63)

අනුචාරිකා

ඉ. අනුව හැසිරෙන්නී, භාර්‍ය්‍යාව. (පි. 63)

අනුචිණ්ණ

ති. හැසිරෙණලද. පුරුදු කළ, පැමිණි. (පි. 63)

අනුචින්තන

න. අනුව සිතීම, අනුමානඥානයෙන් සැලකීම. (පි. 63)

අනුජ

පු. බාලසහෝදරයා ඉ. බාලසහෝදරී. (පි. 63)

අනුජග්ඝති

ක්‍රි. (අනුජග්ඝ √ භු. හසනස්මිං, සිනාවෙහි +ති) සිනාසෙයි, යමක් අනුව සිනාසෙයි, කවටකම් කරයි. (පි. 63)

අනුජග්ඝන

න. සිනාසීම, කවටකම් කිරීම. (පි. 63)

අනුජවති

ක්‍රි. (අනු+ජු √ භු. ජවෙ, ශීඝ්‍ර ගමනෙහි +ති)අනුව දුවයි. කැටුව යෙයි. (පි. 63)

අනුජවන

න. පස්සෙන් දිවීම, කැටුව දිවීම. (පි. 63)

අනුජ්ජු(ක)

ති. (අන්=න+උජු(ක). ඍජු නුවූ, ඇද, වඞ්ක. (පි. 63)

අනුජ්ඣාන

න. (අනු+ඣාන) නැවත නැවත සිතීම, අනුව සිතීම, (අන්=න+උජ්ඣාන) අවඥා නොකිරීම. (පි. 63)

අනුජාත

ති. පියාට සමාන ගුණ ඇතිව උපන්. (පි. 63)

අනුජානන

න. අනුදැනීම, අවසරදීම. (පි. 63)

අනුජානාති

ක්‍රි. අනු+ඤා √ කි. ‘ඤා’ හට ‘ජා’ ආදේශ යි.+විකරණ-නා+ති) අනුදනී. අවසර දෙයි. (පි. 63)

අනුජීවති

ක්‍රි. අනු+ජීව √ භු. පාණධාරණෙ, ජීවත්වීමෙහි +ති) අනුව ජීවත් වෙයි, යමෙකු නිසා ජීවත් වෙයි. (පි. 63)

අනුජීවන

න. අනුව ජීවත්වීම, මවුපිය ආදීන් නිසා ජීවත්වීම. (පි. 63)

අනුජීවිත

න. අනුව ජීවත්වීම. (පි. 63)

අනුජීවී

ති. යමෙකු ඇසුරු කොට ජීවත් වන්නා, දාසයා, සෙවකයා. (පි. 63)

අනුජු

ති. ඍජු නැති, ඇද ශඨ. (පි. 63)

අනුඤ්ඤා

ඉ. අනුඥාව, අනුදැනීම. (පි. 63)

අනුඤ්ඤාත

ති. අනුදන්නාලද. (පි. 63)

අනුඤ්ඤාතත්ත

න. අනුදත්බව, අවසර ගත් බව. (පි. 63)

අනුට්ඨහන

න. නොනැගිටීම, මැලිව සිටීම, වීර්‍ය්‍ය නොකිරීම. (පි. 63)

අනුට්ඨාතු

පු. නොනැගිටින්නා, වීර්‍ය්‍ය නොකරන්නා. (පි. 63)