සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 73

අනුට්ඨාන

න. නොනැගිටීම, නැගී නොසිටිම, මැලිව සිටීම. (පි. 63)

අනුට්ඨිත

ති. (අනු+ඨිත) කරන ලද. ති. (අන්=න+උඨිත) නොනැගිටි. (පි. 63)

අනුට්ඨුනන

න. අවශොචනය, යමක් නිසා වැලපීම. (පි. 63)

අනුට්ඨුනාති

ක්‍රි. (අනු+ථු. √ කි. නිත්ථුනනෙ, වැලපීමෙහි +විකරණ-නා+ති) යමක් නිසා කණගාටු වෙයි, ශොක කරයි. (පි. 63)

අනුට්ඨුභ

ඉ. අකුරු අටකින් යුත් එනම් ඡන්දස. (පි. 63)

අනුට්ඨුභති

ක්‍රි. (අනු+ට්ඨුභ √ තු. නිට්ඨූභනෙ, කාරා දැමීමෙහි +ති) කාරා දමයි, කෙලගසයි. (පි. 63)

අනුට්ඨුභන

න. කාරා දැමීම. (පි. 63)

අනුට්ඨුභි

පු. කාරා කෙල ගසන්නා. (පි. 63)

අනුට්ඨුභී

ක්‍රි. (අනු+ඨුභ+ √ තු. ඊ) කෙල ගැසීය. (පි. 63)

අනුඩසති

ක්‍රි. (අනු+ඉංස. √ භු. ඩං‍සනෙ, දෂ්ට කිරීමෙහි +ති) ඩැහැ ගනී, හපා කයි, දෂ්ට කරයි. (පි. 64)

අනුඩහති

ක්‍රි. (අනු+දහ √ භු. භස්මීකරණා දිසු, හළු කිරීම් ආදිසෙහි +ති. ‘ද’ හට ‘ඩ’ ආදේශයි) අනුදහනය කරයි, අනුව දවයි. (පි. 63)

අනුණ්හ

පු. අලසයා. (පි. 64)

අනුතපති

ක්‍රි. (අනු+තප. √ භු. සන්තාපෙ, තැවීමෙහි +ති) පසුතැවිලි කරයි. (පි. 64)

අනුතප්පති

ක්‍රි. (අනු+තප. √ භු. සන්තාපෙ, තැවීමෙහි +ති) තැවෙයි, අනුව තැවෙයි, කර්‍මානුරූපව තැවෙයි. (පි. 64)

අනුතප්පන

න. තැවීම, අනුතාපය, පසු තැවිල්ල. (පි. 64)

අනුතස්සන

න. රා බොන ඔඩම, බොන භාජනය. (පි. 64)

අනුත්තකාල

පු. නොකියන ලද කාලය, ආඛ්‍යාත පඤ්චමීසප්තමී විභක්තීන්ගේ කාලය, වර්‍තමාන කාලය, කියනලද කාලය. (පි. 64)

අනුත්තර

ති. උත්තර රහිත, ශ්‍රේෂ්ඨ, තමාට වඩා උසස් කෙනෙකු නැති, උත්තරදිසාවට විරුද්ධ දිසාව නොහොත් දකුණ. (පි. 64)

අනුත්තරිය

පු. ඊට වඩා උසස් ධර්මයක් නැති ජ්‍යෙෂ්ඨධර්ම සය. එනම්:- 1. දස්සානානුත්තරිය, 2. සවණානුත්තරිය, 3. ලාභානුත්තරිය, 4. සික්ඛානුත්තරිය, 5. පාරිචරියානුත්තරිය, 6. අනුස්සතානුත්තරිය. (සූ: ව: සඞ්ගීතිසු ත්‍රි: මු: 759. ම: පූ: එ: නි: ව:). (පි. 64)

අනුත්තසමුච්චය

(අනුත්ත+සං+උ+චි) නොකීවක් පිඬුකර ගැනීම, අනුක්තාර්ථය පිණ්ඩණය කිරීම. (පි. 64)

අනුත්තාන

ති. (=අන්+න+උත්තාන) උඩුකුරු නොවන, අප්‍රකට. (පි. 64)

අනුත්තානීකත

ති=අන්+න+උත්තාන+ඊ+කත) උඩුකුරු නොකළ. (පි. 64)

අනුත්ති

ති. නොකීම. (පි. 64)

අනුත්ථුත

ති. පිළිවෙළින් ස්තුති කළ. පිළිවෙළින් පසසන ලද. (පි. 64)