සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 74

අනුත්ථුනන

න. අනුශොචනය, විලාපය. (පි. 64)

අනුත්ථුනාති

ක්‍රි. (අනු+ථු √ කි. නිත්ථුනනෙ, වැලපීමෙහි +විකරණ. -න+ති) විලාප කියයි, නන් දොඩයි. (පි. 64)

අනුත්‍රා(ත්තා)ස

ති. (=අන්+න+උත්‍රාස) තැති ගැණුම් රහිත, මහ බිය නැති. (පි. 64)

අනුත්‍රා(ත්තාසී

පු. උත්‍රාස නැත්තා, තැති ගැනීම් නැත්තා. (පි. 64)

අනුතාපිය

ති. අනුව තැවිය යුතු. (පි. 64)

අනුතාපී

ති. පශ්චාත්තාප වන්නා, පසුතැවිලි කරන්නා. (පි. 64)

අනුතාළෙති

ක්‍රි. (අනු+තාළ. √ ඩු. තාඩනෙ, තැළීමෙහි +ණෙ+ති) තාඩනය කරයි, තළයි, පහර දෙයි. (පි. 64)

අනුතිට්ඨති

ක්‍රි. (අනු+ඨා. √ භු. ගතිති වුත්තියං, ගමන් නැවැත්මෙහි, ‘ඨා’ හට ‘තිට්ඨ’ ආදෙසයි+ති) සිටියි, රකියි. (පි. 64)

අනුතීර

න. තීරය, ගං හෝ ආදීන්ගේ ඉවුර, සමීපය; ඉවුරක් පාසා. (පි. 64)

අනුථෙර

පු. ද්විතීය ස්ථවිර, දෙවෙනි තෙර, න. ථෙරපටිපාටිය. (පි. 64)

අනුදදාති

ක්‍රි. (අනු+දදාති) දෙයි, අනුදානය කරයි, දුන් දෙයට අනුව දෙයි. (පි. 64)

අනුදයතා

ඉ. අනුදයාව. (පි. 64)

අනුදස්සිත

ති. අනුව දක්වනලද, පෙන්වන ලද. (පි. 64)

අනුදස්සෙති

ක්‍රි. (අනු+දස්සෙති) (යම් අරමුණක්) අනුව දක්වයි. (පි. 65)

අනුදහති

ක්‍රි. (අනු+දහති) දවයි, පුලුස්සයි. (පි. 65)

අනුදහන

න. දැවීම, තැවීම. (පි. 65)

අනුද්දයතා

ඉ. අනුකම්පා ඇති බව. (පි. 64)

අනුද්දයා

ඉ. අනුකම්පාව, කරුණාව. (පි. 64)

අනුද්ධංසති

ක්‍රි. (අනු+උ+ධංස √ භු. ගතියං, යාමෙහි +ති) පරිභව කරයි, අබිබවයි, චෝදනාදිවශයෙන් දෝෂාරෝපණය කෙරෙයි. (පි. 64)

අනුද්ධංසන

න. ආක්‍රෝශය, පරිභවය, අභිභවනය, පීඩාව, නැසීම. (පි. 64)

අනුද්ධංසිත

ති. උද්ධංසනය නොකළ, පීඩා නොකළ. නොනැසූ. (පි. 64)

අනුද්ධංසෙති

ක්‍රි. (අනු+ධංස. √ චු. පධංසනෙ, නැසීමෙහි +ණෙ+ති) අබිබවයි, චෝදනාදි වශයෙන් දෝෂාරෝපණය කරයි, අනුද්ධංසනය කරයි. (පි. 64)

අනුද්ධත

ති. උඩඟු නොවූ, උද්ධත නොවූ, උද්ධච්චයට නොපැමිණි. (පි. 64)

අනුද්ධරී

ක්‍රි. (අනු+උ+ධර √ භු. ධාරණෙ, දැරීමෙහි +ඊ. ඊ හට හ්‍රස්වයි.) අනුව උද්ධරණය කෙළේය. (පි. 64)