සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 75

අනුද්ධස්ත

ති. ආක්‍රෝශ පරිභව කරණු ලැබූ (න=අන්+උද්ධස්ත) නොනැගි. (පි. 64)

අනුදාන

ක්‍රි. අනුව දීම, දානය. (පි. 65)

අනුදිට්ඨ

ති. දක්නාලද, දැනගත්. (පි. 65)

අනුදිසති

ක්‍රි. (අනු+දිස √ තු. අතිසජ්ජනෙ, දීමෙහි +ති) අනුව දක්වයි, පෙන්වයි. (පි. 65)

අනුදිස්සති

ක්‍රි. (අනු+දිස්සති) දක්නා ලැබෙයි, පෙණෙයි. (පි. 65)

අනුදිසා

ඉ. විදිසාව, අනුදිග, ගිනිකොණ නිරිත වයඹ ඊශාන යන සිවුදිගුන් අතර පිහිටි අනුදිසා සතර. (පි. 65)

අනුදීපෙති

ක්‍රි. (අන්+දීපෙති) අනුව දක්වයි, ප්‍රකාශ කරයි. (පි. 65)

අනුදුත

පු. දෙවෙනි දූතයා, දෙවැනිව යන්නා, කැටුව යන පණිවුඩකාරයා. (පි. 65)

අනුධම්ම

පු. අනුධර්මය, ධර්මයට අනුව පැවැති, ධර්‍මානුකූල. (පි. 65)

අනුධම්මචාරී

ති. ධර්‍මානුකූලව හැසිරෙණ. (පි. 65)

අනුධම්මතා

ඉ. අනුධර්‍මතාව, ධර්‍මානුකූල බව. (පි. 65)

අනුධාරණ

න. අනුව දැරීම. (පි. 65)

අනුධාරිත

ති. අනුව දරණ ලද, උසුලන ලද. (පි. 65)

අනුධාරෙති

ක්‍රි. (අනු+ධාරෙති) අනුව දරයි, උසුලයි. (පි. 65)

අනුධාවති

ක්‍රි. (අනු+ධාවති) අනුව දුවයි. (පි. 65)

අනුධාවන

න. අනුව දිවීම, පස්සෙන් දිවීම. (පි. 65)

අනුධාවී

ති. අනුව යන, අනුව දුවන. (පි. 65)

අනුනදි

ක්‍රි. (අනු+නදි) අනුව නාද කෙළේය. (පි. 65)

අනුනමති

ක්‍රි. (අනු+නමති) අනුව නැමෙයි. (පි. 65)

අනුනමන

න. නැමීම. (පි. 65)

අනුනය

පු. නැළවීම, ඇල්ම. (පි. 65)

අනුනයති

ක්‍රි. (අනු+නී √ භු. පාපුණනෙ, පැමිණවීමෙහි, ඊ=එ=අය+ති) පමුණුවයි. ගෙන යයි. (පි. 65)

අනුනයන

නා-පැමිණවීම, ගෙන යාම. (පි. 65)

අනුන්නත

ති. උන්නත නොවන, උඩඟු නොවන. (පි. 65)