සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 76

අනුනාසික

පු. නාසිකාව අනුව පවත්නා හඬ. අනුනාසිකාක්ෂර. (පි. 65)

අනුනීත

ති. පමුණුවනලද, ගෙන යනලද. (පි. 65)

අනුනෙති

ක්‍රි. (අනු+නී √ භු. පාපුණනෙ, පැමිණවීමෙහි. ඊ=එ+ති) පමුණුවයි. (පි. 65)

අනුනෙතු

පු. පමුණුවන්නා, නායකයා. (පි. 65)

අනුපක්කම

පු. උපක්‍රමරහිත, ප්‍රයොගරහිත. (පි. 65)

අනුපක්කුට්ඨ

ති. (අන්=න+උප+කුස. √ භු. ත=ට්ඨ) උපවාද රහිත, නින්දා රහිත. “අනුපක්කුට්ඨො ජාතිවාදෙන.” (පි. 65)

අනුපක්ඛන්දති

ක්‍රි. (අනු+ඛදි. √ භු. පක්ඛන්ද නාදිසු, පැනයාම් ආදියෙහි) අනුව පැන යයි. (පි. 65)

අනුපඛ්වජ්ජ

අ. ළඟට පැමිණ, ළඟට වැද. (පි. 65)

අනුපඝාත

පු. (අන්=න+උප+ඝාත) පහර නොදීම, නොනැසීම. (පි. 65)

අනුපචය

පු. (අන්=න+උප+චය) නොවැඩීම, රැස් නොකිරීම. (පි. 65)

අනුපච්ඡින්න

ති. (අන්=න+උපච්ඡින්න) උපච්ඡින්න නොවූ, නොසිඳි, නොසිඳිනලද. (පි. 66)

අනුපචිත

ති. නොවැඩුනු, රැස් නොකළ. (පි. 66)

අනුපචින්න

න. රැස් නොකිරීම. (පි. 66)

අනුපජග්ඝන

න. මහත් කොට නොසිනාසීම. (පි. 66)

අනුපජ්ජති

ක්‍රි. (අනු+පද. √ දි. ගතියං, යාමෙහි, පද=ජ්ජ+ති) අනුව යෙයි. (පි. 66)

අනුපඤ්චාහ

න. පස්දිනක් පාසා. (පි. 66)

අනුපඤ්ඤත්ති

ඉ. අනුප්‍රඥප්තිය, පළමු පැණවූ ශික්ෂාවට අනුව කළ පැණවීම. (පි. 66)

අනුපට්ඨිත

ති. එළඹ නොසිටි. (පි. 66)

අනුපටිපාටි

ඉ. අනුපිළිවෙළ. (පි. 66)

අනුපතති

ක්‍රි. (අනු+පතති) වැටෙයි, ළඟට පැමිණෙයි. (පි. 66)

අනුපතිත

ති. පතනය වූ වැටුනු. (පි. 66)

අනුපද

න. පාඅනු, දෙවෙනි පාදය, පදයක් පාසා. (පි. 66)

අනුපදජ්ජති

ක්‍රි. (අනු+උප+දා. √ භු. දානෙ, දීමෙහි. දා=ජ්ජ+ති) අනුව දෙයි, දානය කරයි. (පි. 66)

අනුපදජ්ජන

න. දීම, ආපසු දීම, අනුව දීම. (පි. 66)