අනාමාස

anāmāsa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. (විනය.) උපසපන් භික්ෂුවක් විසින් අත නොගෑ යුතු එනම් ඇල්ලීමට නුසුදුසු වස්තු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ස්පර්ශ නො කට යුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ස්පර්‍ශ නොකටයුතු, අත නොගෑයුතු. භික්ෂූන් විසින් ඇල්වීමට අයොග්‍ය වස්තු:- එනම් දශවිධ රත්න, ස්ත්‍රීරූප, සප්තවිධ ධාන්‍ය, ස්ත්‍රීපළඳනා, පිඹිනා සක්කුලල් බෙර ආදිය හා අවශේෂ ක්‍රීඩා භාණ්ඩ, කඩු දුනු ආදිය. (පි. 59)