සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 61

අන්දූඝර

න. බන්ධනාගාරය, හිරගේ. (පි. 54)

අන්ධ

√ චු. දිට්ඨූපසංහාරෙ=දෘෂ්ටිය නැසීමෙහි, අන්ධෙති=අන්තර්‍ධානවෙයි, නොපෙණීයයි.
පු. අන්ධයා, දැස්නැත්තා, ඇස් දෙකම නැත්තා. (පි. 54)

අන්ධක

න. එනම් මැසි වර්‍ගය, පිඞ්ගල මැස්සා. (පි. 54)

අන්ධකරණ

න. අන්ධ කිරීම, ඇස් නැසීම. (පි. 54)

අන්ධකවින්ද

න. එනම් පෙදෙස. (පි. 54)

අන්ධකාර

පු. අඳුර, කලූවර. (පි. 54)

අන්ධකාරතිමිස

න. බහලාන්ධකාරය, දැඩි කලුවර. (පි. 54)

අන්ධත්තම

පු. ගනඳුර, මහා අන්ධකාරය. (පි. 54)

අන්ධනරිපු

පු. ඊශ්වරයා. (පි. 54)

අන්ධපඞ්ගු

පු. අඳපිළු දෙදෙනාගේ ගමන, එම න්‍යායය. (පි. 54)

අන්ධයට්ඨිඤාය

පු. අන්ධයෂ්ටින්‍යායය, ඇස් ඇත්තෙකු අන්ධයෙකු ලවා ලීයක් ගන්වා ඔහු ලවා තව එකෙකු ද ඔහු ලවා තව එකෙකු දැයි මෙසේ පිළිවෙත් අන්ධයන් රැසක් ගෙන යාමට සමාන න්‍යායය (නොවිමසා ගතානුගතික වන්නන් සඳහා මෙය යෙදේ.) (පි. 54)

අන්ධවන

න. එනම් උයන, සැවැත් නුවරට නුදුරෙන් දෙව්රම් වෙහෙර පිටිපස පිහිටි භාවනානුයොගින් දිවාවිහරණය කරන වනය. (පි. 54)

අන්ධවෙණි

ඉ. හුණදඬුවලින් අන්ධයන් සමූහහක් ගෙන යාම. ‘අන්ධයට්ඨිඤාය’ බලනු. (පි. 54)

අන්න

න. බත, ආහාරය. (පි. 54)

අන්නපාන

න. ආහාර හා පානය කරණදේ, කනබොනදේ. (පි. 54)

අන්නභාර

පු. එනම් තැනැත්තා. දිළිඳු දුප්පතුනට ඔහු තෘණ විකුණා ජීවත් විය. ඒ නිසා අන්නභාර නම් විය. (පි. 54)

අන්නසන්නිධි

පු. ආහාර රැස් කර තබා ගැනීම. (පි. 54)

අන්නාදි

පු. (අන්න+ආදි) ආහාරදිය. (පි. 54)

අන්වකාසි

ක්‍රි. (අනු+අකාසි) අනුව කෙළේය, සිදු කෙළේය. (පි. 54)

අන්වගා

ක්‍රි. (අනු+ගමු. √ භු. ගතියං=යාමෙහි ‘ගමු ‘හට’ ගා’ ආදේශයි) අනුව ගියේය. (පි. 54)

අන්වගු

ක්‍රි. අනුව ගියහ. (පි. 54)

අන්වත්ථ

ති. (අනු+අත්ථ) අන්වර්ථ, අර්ථානුගත, අර්ථානුරූප, අර්ථය අනුව ගිය. (පි. 54)

අන්වත්ථනය

පු. ශබ්දයන් අර්ථයට අනුගත කොට දැක්වීමේ නීතිය, අන්වර්ථනය. (පි. 54)

අන්වත්ථනාම

පු. අර්ථය අනුව පවත්නා ක්‍රමය. සුත්තන්තික-පංසුකුලික යනාදීය. (පි. 54)