සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 60

අන්තිමසරීර

න. අවසාන ශරීරය, රහත් අත් බව. ති. අවසන් ශරීරයක් ඇති. (පි. 53)

අන්තෙපුර

න. අන්තඃපුරය, රාජස්ත්‍රීන්ගේ වාසස්ථානය, ඇතුළු නුවර, නගරාභ්‍යන්තරය. (පි. 53)

අන්තෙපුරිකා

ඉ. අන්තඃපුරස්ත්‍රීහු, ඔරොධය. (පි. 53)

අන්තෙය්‍යක

ති. කෙළවර යෙදුනු. (පි. 53)

අන්තෙවාසි

පු. අන්තෙවාසිකයා, අතවැස්සා. සමීපාවචරයා. (පි. 53)

අන්තෙවාසික

පු. අතවැස්සා, සමීපයෙහි වසන්නා. (පි. 53)

අන්තො

අ. අන්තරාලය, ඇතුළත. (පි. 53)

අන්තොකුච්ඡි

ති. ඇතුළ්කුක්ෂිය, උදරාභ්‍යන්තරය. (පි. 54)

අන්තොගධ

ති. ඇතුළත්, ඇතුළට පැමිණි. (පි. 54)

අන්තොඝර

න. ඇතුළුගෙය, ඇතුළුගම, ග්‍රාමය. (පි. 54)

අන්තොජාත

ති. ඇතුළත උපන්, ඇතුළත හටගත්. පු. ගෙයි උපන් දාසයා. (පි. 54)

අන්තොජාල

න. ජාලාභ්‍යන්තරය, දැලතුළ, දැලේ. (පි. 54)

අන්තොජාලිකත

ති. ජාලාභ්‍යන්තර කළ, දැලට ඇතුළත්, දැලතුළවූ. (පි. 54)

අන්තොනිජ්ඣාන

න. ඇතුළත දැවීම, ඇතුළත පිලිස්සීම. (පි. 54)

අන්තොනිමුග්ග

පු. න. ඇතුළත ගිලුනු, ඇතුළට බැසගත්. (පි. 54)

අන්තොපරිසොක

පු. හෘදයාභ්‍යන්තර ශොකය, ඇතුළේ වූ ශොකය. (පි. 54)

අන්තොභවික

ති. ඇතුළත්, අභ්‍යන්තරික. (පි. 54)

අන්තොභාග

පු. අන්තර්‍භාගය, අභ්‍යන්තර කොටස. (පි. 54)

අන්තොභාව

පු. අන්තර්භාවය, ඇතුළත් බව. (පි. 54)

අන්තොවස්ස

න. වර්‍ෂාකාලය තුළ, වැහිකාලය ඇතුළත. (පි. 54)

අන්ද

√ භු. බන්ධනෙ-බැඳීමෙහි, අන්දති=බඳියි. (පි. 54)

අන්දු

පු. ඇතුන් බඳින දම, දම්වැල. (පි. 54)

අන්දුක

න. ඇතුන් බඳින දම. (පි. 54)

අන්දුබන්ධන

න. සිරගෙයි බැඳීම, සිරේ තැබීම. (පි. 54)