සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 59
අන්තරවාසක
පු. අන්තරවාසය, භික්ෂූන්ගේ අඳනය. (පි. 53)
අන්තරවුද්ධි
ඉ. අන්තරවෘද්ධිරෝගය, බඩවැල වැඩීමෙන් වන රෝගයක්. (පි. 53)
අන්තරහිත
ති. අන්තර්ධාන වු, ප්‍රතිච්ඡන්න, සැඟවුණු. (පි. 53)
අන්තරා
අ. අන්තරාලය, අතර, මැද, කාරණ, ක්ෂණ, සිත, විවර යන අර්ථයන්හි. (පි. 53)
අන්තරාකථා
ඉ. අතුරු කථාව, පිළිවෙළ කථාවෙන් වෙනස් වූ අන්‍ය කථාව. (පි. 53)
අන්තරාධාන
න. පියන, පියන්පත, වහන්තරාව. (පි. 53)
අන්තරාපණ
න. සල්පිල, ද්‍රව්‍ය විකුණන ශාලාව, කඩය, සාප්පුව. (පි. 53)
අන්තරාපරිනිබ්බායී
පු. ආයුෂයාගේ මැද කොටස නොගෙවා අතරදී ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවන්පානා පුද්ගලයා. (පි. 53)
අන්තරාය
පු. විඝ්නය, උපද්‍රවය, හානිය. (පි. 53)
අන්තරායක
පු. උපද්‍රවය, හානිය. (පි. 53)
අන්තරායකර
ති. උපද්‍රව කරන, අවැඩ සිදු කරන. (පි. 53)
අන්තරායික
ති. අන්තරායකර, උවදුරු ඵලවන. (පි. 53)
අන්තරාල
න. ඇතුළත, අභ්‍යන්තර, අතර. (පි. 53)
අන්තරික
ති. අතර, අතර පවත්නා, මධ්‍යගත. (පි. 53)
අන්තරීප
(දීප)න-දියෙන් වට වූ ගොඩබිම, දූව. (පි. 53)
අන්තරීය
න. යට හඳනා පිළි, ඉනට හැඳිය යුතු පිළි. (පි. 53)
අන්තරෙණ
අ. වර්ජනාර්ථයෙහි, අන්තරාලය. (පි. 53)
අන්තලික්ඛ
න. අන්තරීක්ෂය, අහස. (පි. 53)
අන්තවණ්ණ
පු. අන්තිම මනුෂ්යජාතිය, ශුද්රවර්ණණය, නීචජාතිය, අග පිහිටි අක්ෂරය. (පි. 53)
අන්තානන්තික
පු. (අන්ත+අනන්ත+ණික) ලෝකයාගේ අන්තයක් ඇත්තේයයි ද අන්තයක් නැත්තේයයි ද පවත්නා වාදය. (පි. 53)
අන්තික
ති. අන්තයෙහි නියුක්ත, සමීපය, ළඟ. (පි. 53)
අන්තිකා
ඉ. උඳු නම් ධාන්‍යය. (පි. 53)
අන්තිම
ති. කෙළවරෙහිවූ, අවසානයෙහි වූ, පසුවූ. (පි. 53)
අන්තිමවත්ථු
න. අවසානවස්තුව, පාරාජීකාපත්තිය. (පි. 53)