සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 58
අන්තක
පු. වශවර්තතිමාරයා, ජිවිතය කෙළවර කරන්නා, මරණය. (පි. 52)
අන්තකර
පු. අවසානය කරන්නා, මරු. (පි. 52)
අන්තකිරියා
ඉ. අවසන් කිරීම, කෙළවර කිරීම, මරණය. (පි. 52)
අන්තගත
ති. අන්තයට ගිය. (පි. 52)
අන්තග්ගත
ති. අන්තර්ගත, ඇතුළත්. (පි. 52)
අන්තග්ගහණ
න. ව්යාකරණ සූත්රයන්හි අන්ත ශබ්දයා යෙදීම. (පි. 52)
අන්තග්ගාහිකාදිට්ඨි
ඉ. “සස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති” යනාදි ක්රමයෙන් එක එක අන්තයක් ඇති දෘෂ්ටිය. (පි. 52)
අන්තගු
ති. අවසානයට ගිය. (පි. 52)
අන්තගුණ
පු. න. අතුණුබාණ, අතුණුවැල. (පි. 52)
අන්තට්ඨ
ඉ. වර්ගයන් කෙළවර පවත්නා ය ර ල ව යන අකුරු සතර. (පි. 52)
අන්තද්වය
න. කාමසුඛල්ලිකානු යොගය හා අත්තකිලමථානු යොගය යන දෙක. (පි. 52)
අන්තර
න. අන්තය, අතර, මද්ධ්යය. (පි. 52)
අන්තරංස
පු. (අන්තර+අංස) යමක් අතර පිහිටි කොටස.
න. උර අතර, ලය, හෘදය. (පි. 53)
අන්තරකප්ප
පු. අන්තඃකල්පය. දස හවුරුදු මිනිසුන් කෙරෙහි පටන් ගෙන මනුෂ්යයන්ගේ ආයුෂ අසඞ්ඛ්යය දක්වා ක්රමයෙන් වැඩී එතැන සිට ක්රමයෙන් බැස දස අවුරුදු වන තැන් දක්වා ඇති වන මේ දෙඅතර කාලයයි. අවුරුදු දහසකින් අඟලක් වැඩෙන්නාවූ පෘථිවිය එක් යොදුන් තුන්ගවුවක් පමණ වැඩෙන කාලයයි. (පි. 52)
අන්තරඝර
න. ඇතුළුගම, ගම. (පි. 53)
අන්තරඞ්ගවිධි
පු. ප්රකෘතිය ආශ්රය කොට පවත්නා කාර්ය්යය. (පි. 53)
අන්තරට්ඨ
න. (අන්තර+අට්ඨ) අතර වූ අට, වස්තු දෙකක් අතර පිහිටි අටක්. (පි. 53)
අන්තරට්ඨක
පු. නවම් මැදින් යන දෙමස අතර අට දවස, හිම වැටෙන කාලය, නවම් මස අගසතර දවසද මැදින් මස මුල සතර දවසද යන අට දවස. (පි. 53)
අන්තරධා
√ භු. අදස්සනෙ, නොපෙණීමෙහි අන්තරධායති, අතුරුදහන් වෙයි. (පි. 53)
අන්තරධාන
න. අන්තර්ධානය, අතුරුදහන්වීම. (පි. 53)
අන්තරන්තර
න. (අන්තර+අන්තර) අතර අතර, අතරතුර. (පි. 53)
අන්තරබාහිර
න. ඇතුළත පිටත ති. ඇතුළත පිටත හැසිරෙණ. (පි. 53)
අන්තරභත්ත
න. අතුරුබත, දවල්බත, උදය වරුව. (පි. 53)
අන්තරවාස
න. යටට හඳනා වස්ත්රය, ඉන යටට හඳනා රෙද්ද. (පි. 53)