සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 57

අනව

ති. අලුත් නොවූ, පරණ. (පි. 57)

අනව(වො)සිත

පු. අවසන් නොකළ, නොනිම වූ. (පි. 57)

අනවකාස

ති. අවකාශරහිත, අවකාශ නැති, ඉඩ නැති. (පි. 57)

අනවකාසවිධි

පු. පෙරකී කාර්‍ය්‍යයාගේ විෂය පසුව කියන කාර්‍ය්‍යයෙහි නොලැබෙන ක්‍රමය, අනවකාස නය යනුද මෙම අර්ථයි. (පි. 57)

අනවජ්ජ

ති. අනවද්‍ය, නිවද්‍ය, නිවැරදි දෝෂ නැති. (පි. 57)

අනවඤ්ඤත්ති

ඉ. අවමන් නොකිරීම. (පි. 57)

අනවට්ඨිත

ති. අනවස්ථිත, එක් අරමුණක නොපිහිටන. (පි. 57)

අනවබොධ

පු. (අන්=න+අවබොධ) අවබොධ නොවීම, නොතේරීම. (පි. 57)

අනවය

ති. (අන්=න+අවය) අනූන, සම්පූර්‍ණ. (පි. 57)

අනවය්හ

ති. ආවාහයට නුසුදුසු. (පි. 57)

අනවරත

ති. නිරන්තරය, නිතර. (පි. 57)

අනවස්සුත

ති. නොතෙත්, ආර්ද්‍ර නොවන. “අනවස්සුත චිත්තස්ස” (පි. 57)

අනවසෙස

ති. (අන්=න+අවසෙස) ශේෂ රහිත, ඉතුරු නැති. (පි. 57)

අනවහිත

ති. නොකැඳවනලද, ආමන්ත්‍රණය නොකළ. (පි. 57)

අනවාහ

පු. ගොණා. (පි. 57)

අනසක

පු. නොකන තැනැත්තා, බඩගින්නේ සිටින අය, නිරාහාරව සිටින අය. (පි. 57)

අනසන

න. අනුභව නොකිරීම, නොකෑම. (පි. 57)

අනසනාදික

පු. අභොජනාදිය. (පි. 57)

අනස්සන

ති. අනතුරට නොපැමිණෙන, අනතුරු නොවන න. නොනැසීම. (පි. 58)

අනස්සාසික

ති. සැනසිලි නැති. (පි. 58)

අනස්සාසී

පු. සැනසිලි නැත්තා. (පි. 58)

අනස්සුං

ක්‍රි. (අ+නස √ දි. අදස්සනෙ, නොදැක්මෙහි +උං) විනාශ වූහ, නැසුනාහ, නොපෙණී ගියාහ. (පි. 58)

අනසිත්වාවන

අ. නොකා, අනුභව නොකොට. (පි. 58)

අන්ත

පු. න. සමීප, අවසාන, පරභාග, පද පූරණ, අතුණු, කොටස, කෙළවර, මරණ, මර්‍ය්‍යාදා, ලාමක, නිබ්බාණ, ස්වාර්ථ යන මෙහි. (පි. 52)