සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 56

අනභාව

පු. නැවත නොවීම, සිදුනොවීම. (පි. 57)

අනභිජ්ඣා

ඉ. දැඩිලෝභයට ප්‍රතිපක්ෂ ධර්මය. (පි. 57)

අනභිජ්ඣාලූ

ති. අභිධ්‍යා බහුලකොට නැත්තහු. (පි. 57)

අනභිජ්ඣිත

පු. (අන්=න+අභිජ්ඣිත) දැඩි ලෝභ නොකළ, අභිධ්‍යා නොකළ. (පි. 57)

අනභිනන්දන

න. නොසතුට. (පි. 57)

අනභිනිවෙස

පු. අභිනිවෙස රහිත. ‘අභිනිවෙස’ බලනු. (පි. 57)

අනභිරත

ති. නොඇලුණු, අභිරති නොකළ. (පි. 57)

අනභිරති

ඉ. නොඇලීම, උකටලී වීම, ශාසනශික්ෂාවෙහි නොඇල්ම. (පි. 57)

අනභිරද්ධ

ති. නොසතුටුවූ, නොඇලුණු. (පි. 57)

අනභිරද්ධි

ඉ. අන්සැපතෙහි නොඇල්ම, කෝපය, නොඇලීම. (පි. 57)

අනභිරාම

පු. නොඇල්ම, සිත් නොඇලවීම. (පි. 57)

අනභිසමය

පු. අනවබෝධය, අවබෝධ නොවීම. (පි. 57)

අනභිසම්බුද්ධ

ති. අවබෝධ නොකළ, ප්‍රතිවේධ නොකළ, නොදත්. (පි. 57)

අනභිසම්භුණමාන

ති. නොලැබෙන, නොහැකිවන. (පි. 57)

අනභිසිත්ත

ති. අභිෂේක නොකළ, කිරීටධාරණය නොකළ. (පි. 57)

අනමතග්ග

ති. (අනු+අ+මත+අග්ග) අනවරාග්‍ර, කෙළවර නැති. (පි. 57)

අනය

පු. (අන්=න+අය) අයනැති, අනර්ථය, උවදුර. (පි. 57)

අනයව්‍යසන

න. අනය හා ව්‍යසනය, අභාවය හා විනාශය. (පි. 57)

අනරහ

ති. රහත් නොවන, නොරහත්, ‘අරහන්ත’ බලනු. (පි. 57)

අනරිය

ති. (අන්=න+අරිය) ආර්‍ය්‍ය නොවන, උත්තම නොවන, පෘථග්ජන. (පි. 57)

අනරියවොහාර

පු. අටවැදෑරුම් වූ අනාර්‍ය්‍ය ව්‍යවහාරය. (පි. 57)

අනල

පු. ගින්න. (පි. 57)

අනලස

ති. (අන්=න+අලස) අලස නොවන, කුසීත නොවන. (පි. 57)

අනල්ලීයන

න. නො ඇලෙන. (පි. 57)