සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 55

අනධීවාසන

න. නොඉවසීම, නොපිළිගැන්ම. (පි. 56)

අනන්ත

ති. අන්තරහිත. න. නිවන. පු. අහස. අනන්තනාරජ. (පි. 56)

අනන්තනෙය්‍ය

පු. කෙළවරක් නැති දැනගත යුතු ධර්මය. ති. එය ඇති. (පි. 56)

අනන්තර

ති. අතරක් නැති.
පු. අතරක් නැති, ව්‍යවධාන රහිත, අනතුරු. (පි. 56)

අනන්තරජාති

ඉ. අනතුරු අත්බව, දෙවන ජාතිය (පි. 56)

අනන්තරභව

පු. අනන්තරජාතිය, අනතුරු අත්බව. (පි. 56)

අනන්තරිත

ති. අතර ඇති නොකළ. (පි. 56)

අනන්තා

ඉ. හීතණ, කුසතණ. (පි. 56)

අනන්දන

න. අසන්තෝෂය, නොසතුට, අමනාපය. (පි. 56)

අනන්වය

ති. අනුගත නොවන. ‘අන්වය’ බලනු. (පි. 56)

අනන්වාහත

ති. නොනසන ලද. “අනවස්සුතචිත්තස්ස අනන්වාහත චෙතසො.” (පි. 56)

අනනුගිද්ධ

ති. ගිජු නොවූ, ලොල් නොවන, කෑදර නොවන. (පි. 56)

අනනුබොධ

පු. අනවබෝධය, නොදැන්ම. (පි. 56)

අනනුයොග

පු. නොයෙදීම. (පි. 56)

අනනුලොම

ති. අනුලොම් නොවන, එකඟ නොවන, සුදුසු නොවන, පිළිවෙළට නොපවතින. (පි. 56)

අනනුවජ්ජ

ති. (අන්=+අනු+වජ්ජ) නොකියයුතු, උපවාද රහිත, නින්දා නොකටයුතු, නොගැරහියයුතු. (පි. 56)

අනනුවිච්ච

අ. (අන්=න+අනුවිච්ච) නොදැන, නොසලකා. (පි. 56)

අනනුස්සුත

ති. අනුශ්‍රව (ආරංචි) යෙන් වත් නොඅසන ලද. (පි. 56)

අනප්පක

ති. අල්ප නොවන, අධික, බොහෝ. (පි. 56)

අනපාය

ති. ප්‍රදූෂ්‍ය නොවූ. පු. දූෂ්‍යනොවූ සිත් ඇත්තා. (පි. 56)

අනපායිනී

ඉ. නොහැර පවත්නා, අත්නොහැර පවතින. “ඡායාව අනපායිනී.” (පි. 56)

අනපුංසක

න. නපුංසක නොවූ ලිඞ්ග, පුල්ලිඞ්ග ස්ත්‍රී ලිඞ්ගද්වය. (පි. 57)

අනපෙක්ඛ

ති. අපේක්ෂා රහිත, බලාපොරොත්තු නැති. (පි. 56)

අනබ්භිත

ති. (අන=න+අබ්භිත) නැවත ඇතුළත් කර නොගන්නා ලද, අබ්භාන කර්‍මය නොකළ. (පි. 57)