සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 54

අනඞ්ග

පු. කාමදෙවයා. (පි. 55)

අනඞ්ගන

ති. අඞ්ගන රහිත, පව් රහිත, කෙලෙස් රහිත. (පි. 55)

අනච්ඡ

ති. නොපැහැදුනු, කිලුටු, නොපෑදි. (පි. 56)

අනච්ඡරිය

ති. ආශ්චර්‍ය්‍ය නොවන, පුදුම නොවන. (පි. 56)

අනජ්ජතන

පු. අද නොවන, අවිද්‍යමානාද්‍යතනයයි ප්‍රසිද්ධ අද්‍යතන කාලය. (පි. 55)

අනජ්ඣාපන්න

ති. යටත් වීමට නොපැමිණි. (පි. 56)

අනජ්ඣිට්ඨ

ති. ආරාධනා නොකළ, නිමන්ත්‍ර ණය නොකළ. (පි. 56)

අනඤ්ඤජ

පු. අනඞ්ගයා. (පි. 56)

අනඤ්ඤනෙය්‍ය

ති. අනිකෙකු විසින් නොපැමිණ වියයුතු. (පි. 56)

අනඤ්ඤපොස

ති. අනුන් පොෂණය නොකරන. (පි. 56)

අනඤ්ඤාත

ති. නොදැනගන්නා ලද, අවබෝධ නොකළ. (පි. 56)

අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය

න. සෝවාන් මාර්‍ගඥානය. (පි. 56)

අනඤ්ඤාථා

අ. අන්පරිද්දකින් නොවන, වෙනස් නොවන. (පි. 56)

අනණ

ති. නයනැති. (පි. 56)

අනත්ත

පු. අනාත්මය, ආත්මයක් නැති. (පි. 56)

අනත්තමන

ති. (අන්=න+අත්තමන) නොසතුටුසිත් ඇති ‘අත්තමන’ බලනු. (පි. 56)

අනත්තමනතා

ඉ. නොසතුටුසිත් ඇතිබව. (පි. 56)

අනත්ථ

පු. අනර්ථය, අවැඩ, විපත, අහිත දේ. (පි. 56)

අනත්ථක

න. අර්ථයක් නොසලකා පදයාගේ සතරවන අංගය සම්පූර්‍ණ කිරීමට පමණක් යොදන පදය. (පි. 55)

අනතිමාන

ති. අධිකමානය නැති, වැඩියක් මාන්නය නැති. (පි. 56)

අනතිමානී

පු. තමන් උසස් කොට හෝ අනුන් පහත් කොට නොසිතන තැනැත්තා. (පි. 56)

අනතිසාර

ති. නිදොස්, වරදක් නැති. (පි. 57)

අනද්ධනික(ය)

ති. (අන්=න+අද්ධ+ඉක) දීර්‍ඝ කාලයක් නොපවතින, වැඩිකාලයක් නොතිබෙන. (පි. 56)

අනධිවර

පු. බුදුරජ, තමාට වඩා උත්තමයෙකු නැත්තා. (පි. 56)