අච්චුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉටි, මැටි ලෝහ ආදියෙන් පිළිම, රූ ආදිය අඹා ගැනීම පිණිස කරන ලද ආකෘතිය; කාසි, ආභරණ, උළු, ගඩොල් ආදිය සෑදීමට ඒ ඒ සැලැස්ම අනුව තනා තිබෙන රාමුව හෝ කෝව.
2. නා. පිටපත් ගැනීම සඳහා ලෝහයෙන් හෝ ලීයෙන් හෝ කැපූ අකුරු සටහන; මුද්රාකඩය.
3. නා. එක සමාන හැඩරුව ඇති දෙය.
4. නා. රෙදි විවීමේ දී භාවිත කරන ලී රාමුව.
5. නා. කරත්තයේ තට්ටුව දරා සිටින හරස් ලීය; කරත්ත අලවංගුව.
6. නා. තුවක්කුවේ අතට අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල.
7. නා. යම් වරදකට දෙනු ලබන දඬුවම; විපාකය; වධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිළිම, රූප, භාණ්ඩ ආදිය තනා ගැනීම සඳහා සකස් කර ගත් ආකෘතිය; රාමුව (දෙ. அச்சு)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. block
2. n. cast
3. n. die
4. n. impression
5. Aes. matrix
6. n. model
7. Aes. mold
8. n. mould
9. Soc. penalty
10. n. punishment
11. n. stamp
12. n. template
13. mould(mold)