අත්වැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතින් අත අල්ලා ගැනීමෙන් සෑදෙන වැල.
2. නා. උපකාරය; පිහිට.
3. නා. එකට බැඳී පැවැත්ම; සංයෝගය; සම්බන්ධය.
4. නා. පියගැට, ඒදඬු, අතුරු ආදියෙහි ගමන් කිරීමේදී අල්ලා ගැනීමට ඇති ආධාරකය.
5. නා. එල්ලී සිටීමට ආධාර වන දෙය.
6. නා. යමකුගේ ගායනයට උපකාර වශයෙන් තවත් අය ගයන පාදය හෝ පාද කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිහිප දෙනකු අතිනත් අල්ලා ගැනීමෙන් සෑදෙන වැල/ආධාරකයක් වශයෙන් ඇති වැල හෝ දණ්ඩ/උපකාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. aid
2. n. banister
3. n. grasp
4. hand-rail
5. handrail
6. n. hold
7. n. rail