කටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතැම් ශාකවල කඳ කොළ ආදියෙහි ද, ඇතැම් සත්ත්වයන්ගේ ගතෙහිද හටගන්නා තියුණු උල් සහිත උපාංගය.
2. නා. විදීමට සහ ඇමිණීමට ගැනෙන තියුණු උල.
3.නා. සත්ත්ව ශරීරයෙහි ඇති ඇටය.
4. නා. අබලන් වූ වාහනය; කබල.
5. නා. ඔරලෝසු, තරාදි ආදියෙහි වේලාව, බර ආදිය දක්වන ඉද්ද.
6. නා. ගොළුබෙලි, ඉදිබු ආදි සතුන්ගේ පිට වැස්ම; කබොල්ල.
7. නා. තල්, පොල් ආදි ගෙඩිවල මදයට පිටින් කොස් වැනි ඇතැම් ගෙඩි වර්ගවල කටු සහිත ව සම්පූර්ණයෙන් ම පිටින් ද පිහිටි තද ආවරණය.
8. නා. තුවාලයක මතුපිට සැදෙන කබොල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acantha
2. Civ. bit
3. n. bone
4. n. broach
5. brooch
6. Phy. needle
7. n. nutshell
8. n. prick
9. n. prickle
10. n. prong
11. n. shell
12. n. spike
13. n. spine
14. n. thorn