තැටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර අනුභවයට භාවිත කරනු ලබන පැතලි භාජනය; තලිය.
2. නා. යමක් බීම සඳහා ගන්නා නොගැඹුරු පැතලි භාජන විශේෂය; ඔඩම; චෂකය; විත.
3. නා. පාන්, කේක් ආදිය පුලුස්සා ගැනීමට ගනු ලබන නොගැඹුරු පැතලි හතරැස් භාජන විශේෂය.
4. නා. මස් ආදිය බැද ගැනීමට යොදා ගන්නා පැතලි භාජනය.
5. (පාරිභා.) නා. කවාකාර පෙත්ත; මඬල; මණ්ඩලය (=disc).
6. (පාරිභා.) නා. ලෝහමය තහඩුව; තටුව; තට්ටුව (=plate).
7. නා. ශබ්දවාහිනි යන්ත්රයකින් නැවත ඇසිය හැකි පරිදි සටහන් කරන ලද කථා, ගීත ආදිය ඇතුළත් ඉටි විශේෂයකින් සකස් කළ වටකුරු පෙතලි තහඩු විශේෂය (=record).
8. නා. තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති තට්ටුවක තරාදි තටුව.
9. (පාරිභා.) නා. බන්දේසිය; භාජන ධාරකය (=tray).
10. නා. රබර් කිරි මිදවීමට ගන්නා හතරැස් බඳුන් විශේෂය.
11. නා. කෙස් වැටුණු හිස; තට්ටය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. charger
2. n. disc
3. n. dish
4. n. disk
5. Civ. pallet
6. Phy. pan
7. n. plate
8. platter
9. n. record
10. n. tray