නාලි

nāli

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ධාන්‍ය වර්ග ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුම් භාජනය; නැලි.
2. නා.ප්‍ර. කුහරයක් සහිත දණ්ඩ; නළය.
3. නා.ප්‍ර. ලේ ගමන් කරන නහරය; ධමනිය.
4. නා.ප්‍ර. චර්ම රෝගයක නාමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. නැලිය, නළ. (පි. 334)