සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 903
නාරිකේල
නා.ප්‍ර. පොල්; නෙරළු; මා රුක්.
නාරිලතා
නා. මනඃකල්පිත මල්වැල් විශේෂයක්; කාන්තා උඩුකයක විලාසය ගත් මල් හටගන්වතැයි ද හිමාලයෙහි වැවෙතැයි ද විශ්වාස කරනු ලබන වැලක්.
නාරිලතා වැල
නා. නාරිලතා වැල පිළිබඳ කල්පිතය ආශ්රිත කොට ගෙන සකස් කර ගත් චිත්‍ර මෝස්තරය.
නාරිලාලිත්‍යය
නා. කාන්තා ශරීරය හා සම්බන්ධ ලාලිත භාවය.
නාරිවේදික
(පාරිභා.) වි. කාන්තා රෝග සම්බන්ධ වූ (=gynaecological).
නාලරුහ
(පාරිභා.) වි. නළයක ජීවත් වන (=tubicolous).
නාලස්ථුණය
(පාරිභා.) නා. දණ්ඩක (මදය සහිත) සිලින්ඩරාකාර දඟර ප්‍රදේශය.
නාලි
1. නා.ප්‍ර. ධාන්‍ය වර්ග ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුම් භාජනය; නැලි.
2. නා.ප්‍ර. කුහරයක් සහිත දණ්ඩ; නළය.
3. නා.ප්‍ර. ලේ ගමන් කරන නහරය; ධමනිය.
4. නා.ප්‍ර. චර්ම රෝගයක නාමය.
නාලිකා යන්ත්‍රය
(පාරිභා.) නා. ද්‍රව වර්ග ඇද ගැනීම සඳහා තනා ඇති චක්‍ර නළය.
නාලිකාග්රය
(පාරිභා.) නා. කුක්ෂිවෘන්තය; කලංකය; ස්ත්‍රී කේසර දණ්ඩ කෙළවර පරාග ග්‍රහණය සඳහා පිහිටි කුක්ෂිය.
නාලිකාව
1. නා.ප්‍ර. ගුවන් විදුලි සහ රූපවාහිනි සේවාවන් හඳුන්වන නාමය; ගුවන් විදුලි හා රූපවාහිනි තරංග සම්ප්‍රේෂණය උදෙසා වෙන් කොට දී ඇති සංඛ්‍යාත පරාසය.
2. (පාරිභා.) නා.ප්‍ර. වීදුරු නළය; කුහර සහිත වීදුරු දණ්ඩ.
3. නා.ප්‍ර. පැරණි ඉන්දියාවේ භාවිත වූ කාලය පිළිබඳ මිනුමක්.
නාලිකේය
නා.ප්‍ර. පොල්; නෙරළු.
නාලිය
1. නා.ප්‍ර. බුලත්; නාගලතා.
2. නා.ප්‍ර. නා දලුව; නාග පල්ලවය.
3. නා.ප්‍ර. ඇතින්න.
4. නා.ප්‍ර. නාගමාණවිකාව.
5. නා.ප්‍ර. සැපින්න.
නාලොව
නා. නාගලෝකය; පොළොව යට ඇතැයි සැලකෙන නාගභවන; රසාතලය.
නාවර
1. නා.ප්‍ර. අපිරිසිදු ද්‍රව; ඇඟේ ගෑවී ඇති අපද්‍රව්‍ය; ධාරා වශයෙන් වැගිරෙන අපිරිසිදු දියර.
2. නා.ප්‍ර. පොල්, කිතුල් ආදියෙහි පිතිවලින් ගලවා ගනු ලබන පට්ටය.
නාවා
1. නා. නායකයා; ප්‍රධානයා.
2. නා. තිදෙනකුට යා හැකි අඟුල.
3. නා. නැව.
නාවාලකනය
[නාවා + ලකනය]
නා. නවත්වන ලද නැවක් ඔබ මොබ පා වී යෑමෙන් වළක්වන උපකරණය; නැංගුරම.
නාවැසි
නාවික
වි. නැව් පිළිබඳ; නෞකාවලට සම්බන්ධ.
නාවික අවරෝධය
(පාරිභා.) නා. නැව් හමුදාවක් විසින් වටලනු ලැබීම.
නාවික කඳවුර
නා. යුද නැව් හමුදාවක් රඳවා ඇති තොට සහ තදාසන්න ආරක්ෂිත ප්‍රදේශය; නාවික හමුදාව රඳවා තබා ඇති බල ප්‍රදේශය.
නාවික කොම්පාසුව
(පාරිභා.) නා. නැවියන් දිශා දැනගැනීම සඳහා භාවිත කරන මාලිමා යන්ත්‍රය; නැවියන්ගේ උතුරු කටුව.
නාවික හැතැප්ම
නා. මුහුදේ දුර මැනීම සඳහා භාවිත වන අඩි 6080 ක් හෙවත් මීටර් 1852 ක් දිග මිම්ම.