සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 904

නාවිකයා

නා. නැව් පදවන්නා; නැවියා.

නාවිමන

නා. නයින් වසන විමානය; නාග භවනය.

නාවිය

නා. නෞකාව; විශාල මුහුදු යාත්‍රාව; නැව.

නාවියා

නා. නැව් පදවන්නා; නාවිකයා.

නාවිසයා

නා. දැළිරවුළු කපන්නා; කරනැවෑමියා; නහාපිතයා.

නාවුකාව

නා. නැව.

නාශක

වි. නසන; විනාශ කරන.

නාශකය

නා. යමක් විනාශ කිරීම සඳහා ගැනෙන මාධ්‍යය.

නාසය

නා. ගඳ සුවඳ දැන ගන්නා ඉන්ද්‍රිය; නහය.

නාස්කුහරය

නා. නාසයෙහි සිදුර.

නාස්තික

1. වි. නාස්තික දෘෂ්ටිය වැලඳ ගත් හෙවත් අනුගමනය කරන; නාස්තික දෘෂ්ටිය පිළිබඳ.
2. වි. විනාශදායක; වනසන; නැතිකරන.

නාස්තික දෘෂ්ටිය

නා. කර්ම ඵලයක් හෝ පරලොවක් හෝ නැතැයි උගන්වන දර්ශනය; ලෝකායත දෘෂ්ටිය; උච්ඡේද දෘෂ්ටිය.

නාස්තික භ්‍රාන්තිය

(පාරිභා.) නා. (දර්ශන.) සංවේද ඉන්ද්‍රියවලට අසු වන වස්තුවක් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නුපුළුවන්කම (=negative hallucination).

නාස්තිකාර

වි. නැති කරන; වනසන; ප්‍රයෝජනයකට නැති.

නාස්තිය

නා. තමා සතු දේ නැති භංග කරදැමීම; පමණට වඩා බඩුමුට්ටු සඳහා වියදම් කිරීම; තිබෙන දේපළ ගැන නොතකා සිටීමෙන් විනාශවන්ට ඉඩ හැරීම.

නාස්තෲත්මක

[නාස්ති + ආත්මක]
වි. (දර්ශන.) විනාශය ස්වභාව කොට ඇති; විනාශ කරනසුලු; විනාශය අවශ්‍යතාවක් කොට තකන (=destructive).

නාස්නා පහණ

නා. රන් ආදි ලෝහ පරික්ෂා කිරීම සඳහා භාවිත කරන ගල් විශේෂයක්; උරගල.

නාස්නාලය

නා. ස්වසන මාර්ගයෙහි බැහැරින් ම පිහිටි නාස් කුහරය.

නාස්ලණුව

නා. (ගව ආදි සතුන්ගේ) නාසය විද දමන ලණුව.

නාසා ආයතනය

නා. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති ගුවන් විද්‍යාව හා අභ්‍යවකාශ පාලනය පිළිබඳ ආයතනය.

නාසා කුටීරය

(පාරිභා.) නා. කපාලිකයන්ගේ මොළයෙහි තිබෙන ආඝ්‍රාණ ප්‍රදේශය; මස්තිෂ්ක කෝෂිකාව.

නාසා ග්‍රසනිකාව

නා. තල්ලේ සීමාවට උසින් පිහිටි ඉහළ ග්‍රසනිකා කොටස.

නාසා ස්‍රාවය

නා. නැහැයෙන් සොටු දිය ගැලීම.

නාසාග්‍රය

නා. නාසයේ අග්‍රය; නහයේ කෙළවර.