සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 902
නාමාන්තරය
නාමාරෝපණය
නාමාවලිය
[නාම + ආවලිය]
1. නා. නම්වැල; නම් ලැයිස්තුව; නම් වට්ටෝරුව.
2. (පාරිභා.) නා. පරිභාෂික වචන මාලාව; පාරිභාෂික ශබ්දාවලිය; නාමකරණය.
නාමාවශේෂ
නාමිණි
නා. නායක මාණික්‍යය; අග්‍ර මාණික්‍යය.
නාමෝපලක්ෂිත
[නාම + උපලක්ෂිත]
වි. නමින් අලංකාර වූ; නමින් හඟවන ලද; නාමයෙන් යුතු වූ.
නාඹ
වි. තරුණ; පෝතක.
නාඹර
1. වි. නොමේරු; ළපටි; ළා.
2. වි. තරුණ, යෞවන.
නාඹුල්
1. වි. කලින් ප්‍රයෝජනයට නොගත්; අලුත්; පළමුවෙන් හටගත්.
2. වි. තරුණ.
නාය
නා. වැසි, භූමිකම්පා, කඳු හෙළිපෙහෙළි කිරීම ආදි සිද්ධි හේතුකොට ගෙන හෙමින් හෝ වේගයෙන් පහළට බැස යන විශාල භූමි ප්‍රදේශය (උස් මට්ටමක සිට පහළට බැස යන විශාල බිම් කොටස).
නාය ඉර
නා. බිම් කොටසක් නාය යාමට ආසන්න ව තිබිය දී එහි ඉහළ සීමා දක්වමින් ඇති වන පැල්ම.
නායක
වි. මඟ පෙන්වන; ප්‍රධාන; මූලික; ශ්‍රේෂ්ඨ.
නායකය
1. නා. තරලයක් ගෙන යන නළය; ප්‍රණාලය.
2. නා. තාපය ගෙන යන සූත්‍රිකාව හෝ කම්බි ආදිය.
නායකයා
1. නා. මඟ පෙන්වන්නා; ප්‍රධානයා; මූලිකයා; ශ්‍රේෂ්ඨයා.
2. නා. කථා නායකයා.
නායයෑම
නා. උස් මට්ටමක ඇති විශාල බිම් කොටසක් ස්වභාවික විපර්යාස හේතුවෙන් තල්ලු වී යෑම.
නායහන්
නා.ප්‍ර. නාගයෙකු යහන කොටගෙන වසන තැනැත්තා; විෂ්ණුදෙවි.
නායිකාව
1. නා. අධිපති කාන්තාව; ප්‍රධාන තැනැත්තිය.
2. නා. කාව්‍ය, නාට්‍ය ආදියෙහි ප්‍රධාන ස්ත්‍රී චරිතය.
නාර
නා.ප්‍ර. ජලය.
නාරටි වින්‍යාසය
(පාරිභා.) නා. කොළයක නාරටි පිහිටා ඇති ආකාරය.
නාරටිය
1. නා. කොළයක නටුවේ සිට අග දක්වා විහිදී යන දාරය ; පත්‍රයක සනාළ කලාපය.
2. නා. දාරය; ගැට්ට.
3.(පාරිභා.) නා. කෘමියකුගේ පියාපත් දරා සිටින හා ඊට ශක්තිය ගෙන දෙන කයිටිනීය දණ්ඩ.
නාරද
[නා + රද]
1. නා.ප්‍ර. නාගරාජයා.
2. නා.ප්‍ර. අනන්ත නම් නාගරාජයා.
3. නා.ප්‍ර. හස්තිරාජයා; ගිජිඳු.
4. නා.ප්‍ර. වීණා වාදකයා; වීණාව දරන්නා.
නාරාචන
1. නා.ප්‍ර. යකඩ ඉන්න; උල; අලවංගුව; නාරස්සනය.
2. නා.ප්‍ර. ඊතලය; ඊය; හීය.
නාරි
නා.ප්‍ර. ස්ත්‍රිය; වනිතාව; කාන්තාව.
නාරි කුම්භය
නා. ස්ත්‍රී රූප භාවිතයෙන් නිර්මාණය වන කුම්භ රූපය.
නාරි ලාවණ්‍යය
නා. කාන්තාවන් කෙරෙහි පවතින සුන්දරත්වය; සිත් ගන්නාසුලු බව.