සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 901
නාම ලේඛනය
නා. ලැයිස්තු ගත කරන ලද නාමාවලිය; පුද්ගල ද්රව්ය ආදිය පිළිබඳ නම් ලැයිස්තුව.
නාම විශේෂණය
නා. (ව්යාක.) නාමපදයක අර්ථය වෙසෙසන පදය; නාමපදවල ගුණ ලක්ෂණ හඟවන පදය.
නාමකථනය
නා. නමක් දීම; නමක් තැබීම.
නාමකරණය
1. නා. නම් තැබීම; නාමයක් නියම කිරීම; නමක් දීම.
2. නා. විශේෂයෙන් විද්යාත්මක වර්ගීකරණ ආදිය සලකා සකස් කළ ශබ්දමාලාව; නාමාවලිය.
නාමකාය
1. (අභි.) නා.ප්ර. නාම ධර්ම සමූහය; වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර; චිත්ත චෛතසික ධර්ම සමූහය.
2. (ව්යාක.) නා.ප්ර. ශබ්ද වශයෙන් උච්චාරණය වන නාම සමූහය.
නාමජාම්බෝනද
නා.ප්ර. රත්රන් වර්ගයක්; දඹරන්.
නාමධාතුක ක්රියාව
1. (ව්යාක.) නා. නාමයකින් සෑදෙන ක්රියාරූපය.
2. නා. නාමයකින් පර ව ප්රත්යයන් පමණක් යෙදීමෙන් ක්රියාර්ථයක් ගෙන දෙන පදය.
නාමධේය
නා.ප්ර. නම; නාමය; අභිධානය.
නාමනා
නා.ප්ර. මනා-නොමනා දෙය; හොඳ - නරක.
නාමනාමය
නා. (ව්යාක.) සත්ත්ව පුද්ගලාදි සජීව-අජීව වස්තු හා සංකල්පාදිය ප්රකාශ වන සාමාන්ය නාමය.
නාමනිඝණ්ඩු
නා.ප්ර. නාමාවලිය; නාම කෝෂය; අකාරාදිය.
නාමප්රකෘති
නා.ප්ර. (ව්යාක.) නාම පදයක ප්රකෘති රූපය; මූල රූපය; ශබ්ද ප්රකෘතිය.
නාමප්රත්යය
නා. (ව්යාක.) නාමයක් යෙදෙන ප්රත්යය; සමඟ විභක්ත්යාර්ථය බෙදීමට ඉවහල් වන නාම ප්රකෘතිය.
නාමමාත්ර
වි. නමින් පමණක් වූ; ද්රව්ය හෝ රූප හෝ වශයෙන් නොපවත්නා.
නාමමාත්ර අගය
(පාරිභා.) නා. වෙළඳ ව්යාපාරයක් ආරම්භ කිරීම පිණිස තිබිය යුතු නාමමාත්ර අරමුදලක එක් කොටසක අගය හෙවත් වටිනාකම.
නාමමාත්ර අරමුදල
නා. වෙළඳ ව්යාපාරයක් පටන් ගැනීමේ දී ඊට අදාළ සමාගමේ නීති මගින් ඒ සඳහා තිබිය යුතු යැයි නියම කරන මුදල.
නාමමාත්ර ගිණුම
(පාරිභා.) නා. මග පෙන්වීමක් සඳහා පමණක් පිළියෙල කරන ව්යාජ ගිණුම් විස්තරය.
නාමය
1. නා. සත්ත්ව පුද්ගලාදින් හැඳින්වීමට තබන ලද නම; සංඥාව; ප්රඥප්තිය; අභිධානය.
2. නා. විභක්ති ප්රත්යය ඇසුරු කොට ප්රථමාදි අර්ථයන්ට නැමෙන ශබ්ද ප්රකෘතිය.
3. නා. සිත; චිත්තය; විඤ්ඤාණය. චිත්ත චෛතසික ධර්ම සමූහය; වේදනාදි ස්කන්ධ.
නාමරූපස්කන්ධය
නා. (අභි.) නාම ධර්ම හා රූප ධර්ම සමූහය; පංචස්කන්ධය.
නාමසංඥා
නා. (ව්යාක.) විභක්තියෙන් තොර වූ අර්ථවත් ශබ්ද රූපය.
නාමස්කන්ධය
නා. (අභි.) චිත්තචෛතසික හා සම්බන්ධ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.
නාම්බා
1. නා.ප්ර. තරුණ වස්සා; තරුණ පුෂ්ටිමත් සතා.
2. නා.ප්ර. ඉලන්දාරියා; නාඹරයා; තරුණයා.
නාමාඛ්යාතය
නා. ක්රියා අර්ථයකින් යුතු වූ නාමය; ආඛ්යාත කාර්යයෙහි යෙදුණු නාමය; නාම ක්රියාව.
නාමාඞ්කිත
වි. නම සඳහන් වූ; නම සලකුණු කොට ඇති.