සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 540

නාම

න. නම, අරූප ධර්‍මය, චතුර්විධ අරුපී යාමය. (පි. 334)

නාමක

ති. තේරුමක් නැති කතා, නිකම් කතා පමණක්. (පි. 334)

නාමගොත්ත

න. නාමය, ගොත්‍රය. (පි. 334)

නාමධෙය්‍ය

න. නම. (පි. 334)

නාමරූප

න. නාමය හා රූපය. (පි. 334)

නාමරූප කථා

ඉ. නාමය හා රූපය පිළිබඳ කථා, අභිධර්‍ම පිටකය. (පි. 334)

නාමෙති

ක්‍රි. √ භු. නම, නමනෙ, නැමීමෙහි +ණෙ+ති) නැමෙයි. (පි. 334)

නායක

පු. බුදු රජ, අධිපතියා, ඉසුරු ඇත්තා, ප්‍රධානයා. (පි. 334)

නාරක

පු. නිරයෙහි දුක්විඳින්නා. (පි. 334)

නාරාඞ්ග

පු. නාරංගස. (පි. 334)

නාරාච

න. යකඩ පොල්ලක්, යකඩ ඉන්න. (පි. 334)

නාරායන

පු. විෂ්ණු. (පි. 334)

නාරි

ඉ. ස්ත්‍රී, කාන්තාව. (පි. 334)

නාරිකෙර

පු. පොල්. (පි. 334)

නාරිපුප්ඵ

න. ස්ත්‍රීන්ගේ ඔසප්, ස්ත්‍රීන් මල්වරවීම. (පි. 334)

නාල

න. පියුම් දණ්ඩ, සිදුර, බට. (පි. 334)

නාලං

අ. නුසුදුසු, නොසෑහෙන. (පි. 334)

නාලි

ඉ. නැලිය, නළ. (පි. 334)

නාලිකා

ඉ. ටියුබය. (පි. 334)

නාලිගබ්භ

පු. පළලට වඩා දිගුණ තිගුණ දිග ඇති කාමරය. (පි. 334)

නාලින්ධම

පු. ස්වර්‍ණකාරයා, රන් කරුවා. (පි. 334)

නාලිපට්ට

පු. හිස් වැසුම, තොප්පිය. (පි. 334)

නාවා

ඉ. පසුර, නැව. (පි. 334)

නාවායික

පු. නැවට අයිති තැනැත්තා, නැවියා. (පි. 334)