සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 539
නාගනාථ
පු. ශක්‍රයා. (පි. 333)
නාගබලා
ඉ. ගස් කෑලිය. (පි. 333)
නාගමානවිකා
ඉ. මනුෂ්‍යස්ත්‍රී ස්වරූපයෙන් සිටින නාගධෙනුව, නා මෙනවිය. (පි. 333)
නාගමාලිකා
ඉ. නාගවෘක්ෂ. (පි. 333)
නාගර
න. වියලි ඉඟුරු. (පි. 333)
නාගරාජ
පු. නාරජ, අනන්ත නාරජ. (පි. 333)
නාගලතා
ඉ. බුලත්. (පි. 333)
නාගලොක
පු. නා ලොව, නාග භවනය. (පි. 333)
නාගසම්භව
පු. සින්දූරම්. (පි. 333)
නාගාධිප
පු. නාගාධිපතියා, විරූපාක්ෂ වරම් රජ. (පි. 333)
නාගාපලොක
න. හස්ති බැල්ම, ඇතාට පසු භාගය බැලීමේදී බෙල්ල හරවා බැලිය නොහැකිය. ශරීරයම හරවා බැලිය යුතු වේ. බුදුවරයෝ පසුභාගය බලන කල්හී ග්රීවය නොකරකවා ඒ දිසාව හැරී බලති. (පි. 333)
නාටක
පු. නටන්නා, නෘත්‍ය කරන්නා. (පි. 333)
නාට්‍ය
න. නැටුම්, වැයුම්, ගී කීම් යන තුන. (පි. 333)
නාථ
√ භු. වාචනෙ, ආසිංසනෙ, උතාකෙ, ඉස්සරියෙව, ඉල්වීම - තැවීම, ඉසුරු බව යන මෙහි නාටති, ඉල්වයි.
√ භු. යාචනෙ, ආසිංසනෙ, උපතාපෙ, ඉස්සරියෙච, ඉල්වීමෙහි.
පු. බුදුරජ, නාථ දෙව්රජ, අධිපතියා. (පි. 333)
නාථපුත්ත
පු. නිඝණ්ඨනාථ පුත්‍රයා. (පි. 333)
නාද
පු. නාද, හඬ. (පි. 333)
නාදී
ඉ. මහ හඬ, හෙන පුපුරණ හඬ. (පි. 333)
නානත්ත
න. නානත්වය, නොයෙක් ආකාර ඇති බව.
ඉ. වෙනස. (පි. 333)
නානත්ත කතා
ඉ. කට කතා. (පි. 333)
නානත්තතා
ඉ. නොයෙක් ආකාර ඇති ස්වභාවය. (පි. 333)
නානත්තසඤ්ඤී
පු. නොයෙක් අදහස් ඇත්තා. (පි. 333)
නානාරූප
න. නානාප්‍රකාර දෙය, නා නා ස්වභාව. (පි. 334)
නානාසංවාස
න. වෙන වෙනම ජීවත්වීම. (පි. 333)
නාභි
ඉ. නැබ, පෙකනිය, රළුනාභිය, බොස් ගෙඩිය. (පි. 334)