නිකාය

nikāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය; රාශිය; ගොඩ.
2. නා. දේව අසුර ආදි යෝනිය.
3. නා. සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාස ඇතුළත් ග්‍රන්ථ පහ හඳුන්වන නම.
4. නා. කොටස් වශයෙන් බෙදීගිය භික්ෂු පිරිස; ආගමික පූජක සමාගම.
5. නා. වාසස්ථානය; නිවාසය; ගෘහය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කොටස; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කොටස, පඞ්ක්තිය, සමුහය, නික්ෂය.
පු. සමාන ආචාර ඇත්තන්ගේ සමූහය, ගෘහය, දීර්‍ඝමධ්‍යමාදී සඟි, දිව්‍යනිකාය, ප්‍රේතනිකායාදී ජාති. (පි. 335)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. confraternity
2. n. denomination
3. n. fraternity
4. n. persuasion
5. n. sect
6. Eco. school of thought

Digital Pāḷi Dictionary