බුද්ධදත්ත පාලි අකාරාදිය – 361

නික්ඛාමෙති

(නි+කමු+ණෙ) නික්මවයි; පිට කරයි; පිටත් කරයි.

නික්ඛිත්ත

3. තබනු ලැබූ; තැබූ; දමනු ලැබූ.

නික්ඛිපති

(නි+ඛිප+‍අ) තබයි; බහයි; බහා තබයි; හැර දමයි.

නික්ඛිප්ප

පූ.ක්‍රි. බහා තබා.

නික්ඛිපිතබ්බ

3. බහා තැබිය යුතු.

නික්ඛිපිත්වා

පූ.ක්‍රි. බහා තබා.

නික්ඛිපිතුං

නි. බහා තබන්ට.

නික්ඛෙප

පු. දැමීම; බහා තැබීම.

නික්ඛෙපන

න. දැමීම; බහා තැබීම.

නිකාමනා

ඉ. ආශා කිරීම.

නිකාමලාභී

3. පහසුවෙන් ලබන්නා.

නිකාමෙති

(නි+කමු+ණෙ) ආශා කෙරේ.

නිකාය

පු. කොටස; සමූහය.

නිකාස

පු. සමීපය.

නිකිට්ඨ

3. පහත්; ලාමක.

නිකුඤ්ජ

න. පු. ලැහැබ; වැල් ආදියෙන් වැසුණු තැන.

නිකූජති

(නි+කූජ අ) පක්ෂිනාදය කරයි; හඬලයි.

නිකූජිත

න. පක්ෂිනාදය.
3. පක්ෂිනාදයෙන් යුත්.

නිකෙත

න. ගෙය; වාසස්ථානය.

නිකෙතන

න. ගෙය; වාසස්ථානය.

නිඛණති

(නි+ඛණු+අ) වළලයි; සාරයි.

නිඛණිත්වා

පූ.ක්‍රි. වළලා; සාරා.

නිඛාත

3. වැළලූ; සෑරූ; සිට වූ.

නිඛාදන

න. නියන; හාරන ආයුධය.