බ්‍යඤ්ජන

byañjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශබ්දාර්ථ ප්‍රකට කරන, ගාත්‍රාක්ෂරය ; ව්‍යඤ්ජනාක්ෂරය.
2. අර්ථය හෙළිදරවු කිරීම.
3. ආහාර සඳහා ගනු ලබන මාලුව.
4. (අභි.) අභිධර්මයෙහි එන ප්‍රඥප්තියක් ; ශබ්ද ශක්ති ප්‍රභේදයක්; අර්ථය ප්‍රකාශ කරන වාක්‍යය.
5. ලකුණ.
6. රහස් අවයවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ව්‍යඤ්ජනාක්ෂරය/ අර්ථය එළිදරව් කිරීම/ ආහාර සඳහා ගනු ලබන මාළුව/ ලකුණ (පා. බ්‍යඤ්ජන සං. ව්‍යඤ්ජන)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ව්‍යඤ්ජනාක්ෂර, ලක්ෂණය, ව්‍යඤ්ජනය, මාළුපිනි ආදිය. (පි. 403)

Digital Pāḷi Dictionary