බුබුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෝහ වීදුරු ආදියෙන් කළ කුඩා වටකුරු දෙය ; වාතයෙන්/වායුවෙන් හෝ දියරකින් පිරුණු ගෝලය.
2. සම, සිවි, පොතු ආදියෙහි මතුපිට හටගන්නා ගඩුව.
3. පොළවෙන් මතුපිටට විහිදන දිය දහර ; උල්පත.
4. (කථා.) ළපටි ගෙඩිය ; හිරිමල.
5. ඇතැම් වාස්තු නිර්මාණවල මුදුනේ ඇති ගෝලාකාර කොටස ; බුබ්බුල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝහ, වීදුරු ආදියෙන් කළ කුඩා වටකුරු දෙය/ සම, සිවි, පොතු ආදියෙහි මතුපිට හටගන්නා ගඩුව/ උල්පත/ ළපටි ගෙඩිය (පා. බුබ්බුල, බුබ්බුළ බෞ.සං. බුද්බුඩ සං. බුද්බුද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bead
2. Aes. blister
3. n. bubble
4. Aes. bulb
5. n. fountain
6. n. spring