මන්දාකිනී

mandākinī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තරුවැල ; තුනී වලාකුළකට සමානව අහස හරහා තිබෙන අප්‍රමාණ තාරකා සමූහය ; තාරකා පද්ධතිය ; ක්ෂීර පථය ; අහස් ගඟ ; දිව්‍ය ගංගාව.
2. ගංගා නම් නදිය.
3. හිමාලයෙහි පිහිටි කල්පිත විලක්.
4. දසවැදෑරුම් ඇත්කුලවලින් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආකාශ ගංගාව/ තාරකා සමූහය (පා. සං. මන්‍දාකිනී)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ආකාශ ගංගාව; එනම් විල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. milky way

Digital Pāḷi Dictionary