බුද්ධදත්ත පාලි අකාරාදිය – 527

මන්තනා

ඉ. මන්ත්‍රණය; සාකච්ඡාව.

මන්තයන්ත

3. මන්ත්‍රණය කරන; සාකච්ඡා කරන; සාකච්ඡා කරමින්.

මන්තයමාන

3. සාකච්ඡා කරන; සාකච්ඡා කරමින්.

මන්තයිත්වා

පූ.ක්‍රි. කථාකොට; සාකච්ඡා කොට.

මන්තයිතුං

නි. සාකච්ඡා කරන්ට.

මන්ති

පු. මන්ත්‍රණ කරන්නා; රාජමන්ත්‍රී.

මන්තිත

3. සාකච්ඡා කළ.

මන්තිනී

ඉ. මන්ත්‍රණය කරන්නී; මැතිණියෝ.

මන්තු

පු. සිතන්නා; හඟින්නා.

මන්තෙත්වා

පූ.ක්‍රි. කථාකොට; සාකච්ඡා කොට.

මන්තෙති

(මන්ත+ණෙ) කථා කරයි; සාකච්ඡාකරයි.

මන්තෙතුං

නි. සාකච්ඡා කරන්ට.

මන්තෙන්ත

3. සාකච්ඡා කරන; සාකච්ඡා කරමින්.

මන්ථ

පු. අත්සුණු; කිරිමත් ගාන දණ්ඩ; බැදපු පිටි.

මන්ථර

3. සෙමින් යන; පු. ඉබ්බා.

මන්ද

3. අඥාන වූ; අලස වූ; ටික වූ; මද වූ; පු. අඥානයා.

මන්දත්ත

න. අඥාන බව; අල්පබව; අලස බව; මද බව.

මන්දතා

ඉ. අඥාන බව; අල්පබව; අලස බව; මද බව.

මන්දමන්දං

.ක්‍රි .වි ටිකෙන් ටික.

මන්දාකිනී

ඉ. ආකාශ ගංගාව; එනම් විල.

මන්දාමුඛී

ඉ. ගිනිතැපීම සඳහා යොදන භාජනය.

මන්දාර

පු. අස්තපර්වතය.

මන්දාරව

පු. දිව්‍ය වෘක්ෂයක්; මදාරා ගස.

මන්දිය

න. අඥාන බව; මඳ පිනැති බව.